Thursday, November 5, 2026
HomeNEWSඋතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතා නියෝජිතයින් විපක්ෂ නායක සජිත් සමඟ ...

උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතා නියෝජිතයින් විපක්ෂ නායක සජිත් සමඟ කතා කළේ මොනවාද?

උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී

උතුරු, නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන ජනතාව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂ සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ උතුරු නැගෙනහිර සහ වතුකරය ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා ජීවන ගැටලු පිළිබඳ ව මෙම ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් තොරතුරු ලබා ගන්නා ලදි. විශේෂයෙන් ඉන්ධන මිල සහ බඩු මිල ඉහළ යාම නිසා ජනතාවට සිදුව ඇති බලපෑමත් වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ ජනතාවගේ ආදායම් මට්ටම, ජීවන වියදම ඉහළ යාම සහ උතුරු නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන ජනතාවගේ පවුල්වල ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් ද මෙහි දී විශේෂ අවධානය යොමු විය.

උතුරු, නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන ජනතාවට පවතින මූලික යටිතල පහසුකම්වල අඩුපාඩු මෙන් ම සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ ව ද මෙම සාකච්ඡාවේ දී විශේෂයෙන් අවධානය යොමු කර තිබේ. ගුණාත්මක සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය, පාසල් අධ්‍යාපනයේ පවතින ගැටලු සහ දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහි දී දිර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

මෙම අවස්ථාවට තහීර් මරික්කාර්, තුරෙයිරාසා රවිකරන්, ජී. ජී. පොන්නම්බලම්, ජී ශ්‍රීනේෂන්, එම්. එස්. යු. ලෙබ්බේ, කේ. කාදර් මස්තාන්, වෛද්‍ය පී සත්‍යලිංගම් සහ හබීබ් රිෆාන් යන විපක්ෂය නියෝජන කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්විය.

வடக்கு, கிழக்கு மற்றும் மலையக மக்களைப் பிரதிநிதித்துவப்படுத்தும் பாராளுமன்ற உறுப்பினர்களுக்கும், எதிர்க்கட்சித் தலைவர் சஜித் பிரேமதாச அவர்களுக்கும் இடையில் விசேட கலந்துரையாடல் பாராளுமன்றத்தில்!

வடக்கு, கிழக்கு மற்றும் மலையக மக்களைப் பிரதிநிதித்துவப்படுத்தும் எதிர்க்கட்சியைச் சேர்ந்த பாராளுமன்ற உறுப்பினர்களுக்கும் எதிர்க்கட்சித் தலைவர் சஜித் பிரேமதாச அவர்களுக்கும் இடையிலான விசேட கலந்துரையாடலொன்று இன்று (05) பாராளுமன்றத்தில் அமைந்துள்ள எதிர்க்கட்சித் தலைவர் அலுவலகத்தில் இடம்பெற்றது.

நாட்டில் தற்சமயம் நிலவும் பொருளாதார நிலவரத்துக்கு மத்தியில் வடக்கு, கிழக்கு மற்றும் மலையகப் பிரதேசங்களின் மக்கள் எதிர்கொள்ளும் சமூக, பொருளாதார மற்றும் வாழ்வாதாரப் பிரச்சினைகள் குறித்து, அப்பிரதேசங்களைப் பிரதிநிதித்துவப்படுத்தும் பாராளுமன்ற உறுப்பினர்களிடமிருந்து தகவல்கள் பெறப்பட்டன. குறிப்பாக, எரிபொருள் விலை மற்றும் பொருட்களின் விலை அதிகரிப்பால் மக்களுக்கு ஏற்பட்டுள்ள தாக்கங்களும், தற்போதைய பொருளாதார நிலைமைக்கு மத்தியில் மக்களின் வருமான மட்டம், வாழ்க்கைச் செலவு அதிகரிப்பு மற்றும் வடக்கு, கிழக்கு, மலையகத்தில் உழைக்கும் மக்களின் குடும்பப் பொருளாதாரத்தின் மீது ஏற்பட்டுள்ள தாக்கங்கள் தொடர்பிலும் இங்கு விசேட கவனம் செலுத்தப்பட்டது.

வடக்கு, கிழக்கு மற்றும் மலையகத்தில் உழைக்கும் மக்களுக்கு நிலவும் அடிப்படை உட்கட்டமைப்பு வசதிகளின் குறைபாடுகள் மற்றும் சுகாதாரம், கல்வித் துறைகளில் மக்கள் எதிர்கொள்ளும் பிரச்சினைகள் குறித்தும் இந்தக் கலந்துரையாடலில் விசேடமாகக் கவனம் செலுத்தப்பட்டது. தரமான சுகாதாரச் சேவைகளைப் பெறுவதற்கான அணுகல், பாடசாலைக் கல்வியில் நிலவும் பிரச்சினைகள் மற்றும் பிள்ளைகளின் போசாக்கு நிலை தொடர்பிலும் இங்கு விரிவாகக் கலந்துரையாடப்பட்டது.

இந்நிகழ்வில் எதிர்க்கட்சியைப் பிரதிநிதித்துவப்படுத்தும் பாராளுமன்ற உறுப்பினர்களான கௌரவ தாஹிர் மரிக்கார், துரைராசா ரவிகரன், ஜி. ஜி. பொன்னம்பலம், ஜி. ஸ்ரீநேசன், எம். எஸ். உதுமா லெப்பே, கே. காதர் மஸ்தான், டாக்டர் பி. சத்தியலிங்கம் மற்றும் ஹபீப் ரிபான் ஆகியோர் கலந்து கொண்டனர்.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අග්‍රාමාත්‍යතුමිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා හමුවෙයි

අග්‍රාමාත්‍යතුමිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා හමුවෙයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක...

2026 අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවේ

ජලාශවල පවතින ජල මට්ටම් හා වර්ෂාපතනය සැළකිල්ලට ගනිමින් මේ වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බව ජාතික පද්ධති...

(IOC) හා සයිනොපෙක් සමාගම් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවයි

ලංකා ඉන්දියන් ඔයිල් (IOC) හා සයිනොපෙක් සමාගම් විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කියෙව්වට පස්සේ පැරසිටමෝල් බොන්න සිදුවුණා- හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා

කොළඹ මල්පාර, දේශපාලන කාර්යාලයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පළ කළ අදහස්මම කතා කරන්න යන්නේ"ත්‍රස්ත¬වා¬දයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img