Glocal Fair – 2023 වැඩසටහනෙහි සමාරම්භය සනිටුහන් කරමින් අද උදෑසන රැකියා සඳහා විදේශගතවූ උතුරු පළාතේ විගමනික දෙමාපියන්ගේ, දූ දරැවන් හට ශිෂ්‍යත්ව ප්රදානය කිරීම, විදේශ විනිමයෙන් රට ශක්තිමත් කළ උතුරු පළාතේ දිරිය ශ්‍රී ලාංකිකයන් ඇගයීම, රැකියා සඳහා විදේශගත උතුරු පළාතේ විගමනික දෙමාපියන්ගේ දූ දරැවන් හට පාසල් උපකරණ ප්රදානය කිරීම ඇතුළු වැඩසටහ කිහිපයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කර තිබුණා. විදේශ රැකියා අවසන් කර මෙරටට පැමිණි උතුරු පළාතේ දිරිය ශ්‍රී ලාංකිකයන් හට ස්වයං රැකියා ආධාරද මෙහිදී ප්රදානය කළා.
මීට අමතරව උතුරු පළාතේ මහජනතාව වෙත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවා රාශියක් ලබාදීම මේ වන විටත් යාපනය මුට්රවෙලි පිටියේ සිදුවෙමින් පවතී.
ග්ලෝකල් ෆෙයා වැඩසටහන 2023 යාපනය වැඩසටහන හෙට (16) සවස දක්වා යාපනය මුට්රවෙලි පිටයේදී පැවැත්වීමට නියමිතයි.








































