ඉන්දියානු රුපියල් ලක්ෂ 94කට අධික වටිනාකමකින් යුත් මැණික් ගල් තොගයක් සමග පුද්ගලයෙකු චෙන්නායි ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ සිට චෙන්නායි බලා ගමන් කර තිබුණි.
ඔහු සිය උදරය තුළ මැණික් ගල් සඟවාගෙන පැමිණ ඇති බව එරට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔහුගේ උදරය තුළ තිබී පැකට් 56ක තිබූ මැණික් ගල් 1,746ක් සොයාගෙන තිබේ.






















