Sunday, November 8, 2026
HomeNEWSඋදෑසන උණුසුම් වූ ගාලු මුවදොර

උදෑසන උණුසුම් වූ ගාලු මුවදොර

රථවාහන ධාවනයට බාධා ඇතිවන බව පවසමින් ගාලු මුවදොර වටරවුමේ සකසා තිබූ වේදිකාවක් ඉන් ඉවත් කිරීමට පොලීසිය අද (01) අලුයම කටයුතු කර තිබුණි.

පසුව විරෝධතාකරුවන් අදාළ වේදිකාව මාර්ගයේ පසෙකින් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.‍ෙ

මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන “මයිනා ගෝ ගම” විරෝධය ද තවදුරටත් පැවැත්වේ.

ඊයේ රාත්‍රියේ එහි අටවා තිබූ අට්ටාලයක් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.

ගාලු මුවදොර විරෝධතාවයේ නිරත පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර බහින්බස් වීමක් ද ඇතිවුණි.

මේ අතර, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලු මුවදොර දී පැවැත්වෙන ජන අරගලයට අදට දින 23ක් ගතව පවතී. 

ඊයේ මෙන්ම අද උදෑසනත් විශාල පිරිසක් ගාලු මුවදොර විරෝධතාවට එක්ව සිටිනු දක්නට ලැබුණි.

අරගල භූමියේ ඊයේත් (30) විවිධ ඉදිරිපත් කිරීම් සංවිධානය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img