Thursday, August 6, 2026
HomeNEWSLatest Newsඋසස් අධ්‍යාපන සඳහා මෙරට සිසුන්ට පකිස්ථානයෙන් ලැබුණු අවස්ථා පසුගිය කාලයේ නොසලකා හැරලා...

උසස් අධ්‍යාපන සඳහා මෙරට සිසුන්ට පකිස්ථානයෙන් ලැබුණු අවස්ථා පසුගිය කාලයේ නොසලකා හැරලා ………

උසස් අධ්‍යාපන සඳහා මෙරට සිසුන්ට පකිස්ථානයෙන් ලැබුණු අවස්ථා පසුගිය කාලයේ නොසලකා හැරලා  ………

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහමද් සාද් කාතත් (Major General (Retd) Muhammad SaadKhattak ) මහතා අතර හමුවක් අද (2020.05.26) අරලියගහ මන්දිරයේ පැවත්විණි.

“පාකිස්ථානය – ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන සහයෝගිතා වැඩසටහන” යටතේ පකිස්ථාන උසස් අධ්‍යාපන කොමිෂන් සභාව මඟින් ශ්‍රී ලාංකීය සිසුන්ට පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ක්‍රමය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විණි.

පකිස්ථාන උසස් අධ්‍යාපන කොමිෂන් සභාව විසින් වසරකට 200 බැගින් වසර 5කදී අල්ලභා ඉක්බාල් ශිෂ්‍යත්ව 1000ක් මෙරට සිසුන් සඳහා පිරිනැමීමට එකඟතාවය පළ කර තිබිණි.

මෙම ශිෂ්‍යත්ව  වැඩසටහන මඟින් ශ්‍රී ලාංකීය සිසුන්ට ඉංජිනේරු තාක්ෂණය මූලික හා ස්වභාවක විද්‍යාවන් මෙන්ම සමාජ විද්‍යා යන ක්ෂේත්‍ර ඔස්සේ උපාධි පාඨමාලා, පශ්චාත් උපාධි පාඨමාලා සහ ආචාර්ය උපාධි පාඨමාලා පකිස්ථානයට ගොස් හැදෑරිමේ අවස්ථාව හිමිව තිබේ.

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව, නවාතැන් දීමනාව සහ අධ්‍යාපන දීමනා ඇතුළුව එක් වතාවක් මෙරටට පැමිණ පකිස්ථානයට යාමට අවශ්‍ය ගුවන් ටිකට්පත ද මෙම ශිෂ්‍යත්වයට අන්තර්ගත වේ.

උසස් අධ්‍යාපනය ලැබීමට කැමැති ඕනෑම සමාජ ආර්ථික පසුබිමකට අයත් සිසුන් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩ සටහනට එක්වීමේ අවස්ථාව හිමිවන අතර විශේෂයෙන් කාන්තා අයදුම්කරුවන් මේ සඳහා ඉල්ලුම් කිරීමට උනන්දු කරවන ලෙස ද පකිස්ථාන මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

මෙම ශිෂ්‍යත්ව වැඩ සටහන සඳහා තෝරාගන්නා අයදුම්කරුවන්ට පකිස්ථානයේපිළිගත් විශ්ව විද්‍යාවල අධ්‍යන කටයුතු කරගෙන යාමේ අවස්ථාව හිමිවේ.

කොළඹ නගරයේ වීදි පුස්තකාල  ඇති කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබඳව ද මෙම හමුවේදි මහ කොමසාරිස් කාතත් මහතා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.

මෙම අදහස අගය කළ අග්‍රාමාත්‍යවරයා, අධ්‍යාපන මූලාශ්‍ර වලට ප්‍රවේශ වීමේ අපහසුතාවන්ට මුහුණ දෙන සිසුන් ජීවත් වන පිට පළාත් වලද ජංගම පුස්තකාල ඇති කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස පකිස්ථාන මහා කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක්ද කළේය.

තොරතුරු හා අත්දැකීම් හුවමාරු කරගැනීම හරහා ත්‍රස්තවාදය පිටුදැකීම වෙනුවෙන් වූ දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීමට දිය හැකි සියලුම ආකාරයේ සහයෝගීතාවයන් ශ්‍රී ලංකාවට ලබා දෙන බවද මහා කොමසාරිස්වරයා මෙහිදී පැවසීය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“පාකිස්ථානයෙන් අපේ දරුවන්ට  විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව ලබා දීලා තිබෙනවා.   පසුගිය සමයෙහි එම ශිෂ්‍යත්වවලට අයදුම්පත් බාර අරගෙන තිබුනත්, අපේ කට්ටිය ඊට අයදුම් පත්‍ර යොමුකරලා තිබුනෙ නැහැ.  වසරකට ශිෂ්‍යත්ව දෙසීයක් බැඟින් පකිස්ථානයේ හොඳම විශ්ව විද්‍යාල වල ඉංග්‍රීසි භාෂාවෙන් උපාධිය හදාරන්න මෙහිදී අවස්ථාව ලැබෙනවා. ඉංජිනේරු වෛද්‍ය සහ අනෙකුත් සාමාන්‍ය උපාධි වලට මෙහිදී අවස්ථාව ලැබෙනවා. මම ඉල්ලා සිටිනවා තරුණ දරුවන්ගෙන් මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම්කර පකිස්ථානයට ගිහින් ඉගෙන ගැනීමේ අවස්ථාව සලසා ගන්න කියලා. මෙම ශිෂ්‍යත්ව ලබාදීමේදී ජාති භේදයක්, ආගම් බේදයක් නැහැ. මෙම ශිෂ්‍යත්ව සඳහා වූ සියලුම වියදම් දරන්නේ පකිස්ථාන රජයයි.  මම විශේෂ ඉල්ලීමක් කරනවා ගියපාර ප්‍රථිඵල ඇවිත්, විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න බැරුව ඉන්න දරුවන්ටත් විභාගය සමත් වූ දරුවන්ටත් මේ ශිෂ්‍යත්වය ලබා ගැනීමට කටයුතු කරන්න කියලා.”

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් ,මාහාචාර්ය ජී.එල්.පීරිස්, හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විමල්, ගම්මන්පිල, දිලිත්, සුගීෂ්වර ඇතුළු හය දෙනෙකුට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

සුරේෂ් සලේ සම්බන්ධව, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, දිලිත් ජයවීර ඇතුළු 6 ක් අධිකරණයට අපහාස කර ඇති බැවින්, එය අභියාචනාධිකරණයට වාර්තා කරන ලෙස...

හිටපු අධ්‍යාපන ඇමති අකිල 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග.

පොලිස්පතිට තර්ජනය කළාට විමර්ශන නවත්වන්නේ නෑ- ඇමති ආනන්ද විජේපාල

පොහොට්ටුවේ මහ ලේකම්වරයා පොලිස්පතිට සිදුකළ තර්ජනය නීතියේ ආධිපත්‍යයට සිදු සිදුකළ තර්ජනයක් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ...

පොලිස්පතිතුමනි දේශපාලඥයින්ගේ ලණු කන්න එපා- නාමල් රාජපක්ෂ

පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා- නාමල් රාජපක්ෂ පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා.මීට පෙර ඔය විදියටම පක්ෂවලට කඩේ ගියපු පොලිස්පතිවරුන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img