Thursday, October 29, 2026
HomeNEWSඋස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවය අරඹයි

උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවය අරඹයි

උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවය අරඹයි…

උස්බෙකිස්තානය පදනම් කරගත් Centrum Air සමාගම, ඊයේ (28) දින ටෂ්කන්ට් සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) අතර නියමිත ගුවන් ගමන් ආරම්භ කෙරිණ.

ඒ හරහා ශ්‍රී ලංකාව සහ මධ්‍යම ආසියාව අතර නව ගුවන් සබඳතාවක් ගොඩනැගුණි. මෙරට සංචාරක කේෂ්ත්‍රය ද නව මාවතකට පැමිණෙනු ඇතැයි මේ තුළින් අපේක්ෂා කරනු ලබයි.

උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව දක්වා විදේශිකයින් මෙරට පැමිණි අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබුවා.

මෙම ගුවන් සේවය 2026 – 2027 මෙරට සංචාරක ඍතුව සඳහා සතියකට දෙවරක්, එනම් බදාදා සහ සෙනසුරාදා දිනවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම නව සේවාව සංචාරක කර්මාන්තයට සහාය වනු ඇතැයි ද, රටවල් දෙක අතර සම්බන්ධතාව ශක්තිමත් කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

Aitken Spence PLC සමාගමේ අනුබද්ධ ආයතනයක් වන Royal Spence Aviation, ශ්‍රී ලංකාව තුළ Centrum Air හි ප්‍රධාන විකුණුම් නියෝජිතයා (GSA) සහ ගුවන් තොටුපළ අධීක්ෂණ නියෝජිතයා ලෙස පත් කර ඇත.

මාධ්‍ය අංශය
වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

Mbappé නිසා Real Madrid පාපන්දු සංගමය චීන ජනතාවගෙන් සමාව අයදී

චීන ජනතාවගෙන් සමාව අයැද Real Madrid පාපන්දු සංගමයෙන් චීන මාධ්‍ය සමූහයට ලිපියක් Real Madrid පාපන්දු සංගමයේ ක්‍රීඩක Kylian Mbappéගේ නොසැලකිලිමත් ප්‍රකාශ සම්බන්ධයෙන් එම පාපන්දු සංගමය...

ප්‍රායෝගික බෞද්ධයන් ලෙස සෑම ආගමකම අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක සජිත්

ප්‍රායෝගික බෞද්ධයන් ලෙස අපි සෑම ආගමකම අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුමන අවස්ථාවකදීවත් සමගි ජන බලවේගය ප්‍රතිපත්ති පාවා නොදෙන බවත්...

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img