Wednesday, November 11, 2026
HomeNEWSඑක්සත් රාජධානිය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹෙන ලෙස යෝජනාවක්

එක්සත් රාජධානිය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹෙන ලෙස යෝජනාවක්

මෙරට ක්‍රියාත්මක ඇතැම් නීති – රීති හේතුවෙන් ආයෝජකයින් අධෛර්යමත්ව සිටින බවත් එවැනි බාධක ඉවත්කර ඩිජිටල්කරණය මගින් අක්‍රමිකතා සහ දූෂණ වළක්වාලමින් අපනයනය දිරිගැන්වීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ලංකා වාණිජ මණ්ඩලයට අලුතින් තේරී පත්වූ නිලධාරී මණ්ඩලය සමඟ අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන්කර තිබේ.

රජයේ වගකීම වන්නේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම බව පැවසූ ජනාධිපතිවරයා, තරුණ පරපුරට නව ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් ලෙස ඉදිරියට ඒමට අවස්ථාව උදාකිරීමේ අවශ්‍යතාවය ද පෙන්වාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් ජනාධිපතිවරයා සමඟ පවසා ඇත්තේ එන්නත්කරණයත් සමඟ රට  සාමාන්‍යකරණයට එළැඹෙත්ම අපනයන සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් ප්‍රවර්ධනයට ඔවුන් සූදානම් බවය.

එමෙන්ම, එක්සත් රාජධානිය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹ, අපනයන අවස්ථා පුළුල් කිරීමට ඇති හැකියාව ද ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීහු එහිදී ජනාධිපතිවරයාට පෙන්වාදුන් බව එම නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img