Thursday, October 29, 2026
HomeNEWSඑක් නඩුවකට නාමල්ට ඇප

එක් නඩුවකට නාමල්ට ඇප

එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කරනු ලැබූ අතර ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් නියෝග කෙරුණි.

ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරු වෙත මහේස්ත්‍රාත්වරයා විසින් තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය. 

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා එයාබස් ගණුදෙනුවට අදාළ තවත් නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. 

ඒ් අනුව ඔහු ඒම නඩුවට අදාළව ඔක්. ‌13වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  අධිකරණය ඊයේ (29) නියෝග කළේය. 

මීට අමතරව ක්‍රිෂ් ගණුදෙනුවට අදාළවද නාමල් රාජපක්ෂ මහතා ඔක්තොබර් 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img