එජාප පාක්ෂිකයන්ගේ හමුවක උණුසුම් තත්ත්වයක්
මොණරාගල එක්සත් ජාතික පක්ෂ හමුවක් අතරතුර ඊයේ (27) උණුසුම් තත්වයක් හටගෙන තිබුණි.
එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල පාක්ෂිකයින් සඳහා පැවති හමුවක් එහි නියෝජ්ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවති අතර එහිදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබුණි.
ඒ පාලිත තෙවරප්පෙරුම මහතා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාව විවේචනය කරමින් අදහස් පළ කිරීම හේතුවෙනි.






















