Thursday, November 12, 2026
HomeNEWSඑන්නත්කරණයට හමුදාව යොදා ගැනීම ගැන ආරක්ෂක ලේකම් පැහැදිලි කරයි

එන්නත්කරණයට හමුදාව යොදා ගැනීම ගැන ආරක්ෂක ලේකම් පැහැදිලි කරයි

ඇතැමුන් පවසන පරිදි එන්නත්කරණය සඳහා යුද හමුවේ කිසිදු නොපුහුණු අයෙක් අනුයුත්තකර නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ යුද හමුදා වෛද්‍ය බලකාය ඒ සඳහා පුහුණුව ලත් යුද හමුදා භට පිරිස් එන්නත්කරණය සඳහා යොදා ඇති බවය.

ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ බව කියාසිටියේය.

එන්නත්කරණ සඳහා යුද හමුදා භට පිරිස් යෙදවීමට හේතුව ද එහිදී ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි කළේය.

“අපේ සමාජයේ ඉන්නවා මොන තරම් හොඳ දෙයක් කරත් ඒක වැරදි විදියට දකින පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඒ අයගෙන් විවේචන ආවා මේ එන්නත්කරණය කරන්න දන්නේ නැති අය එන්නත්කරණය කරනවා කියලා. මම මෙතන දී රටේ ආරක්ෂක ලේකම්වරයා විදියට, හමුදාව භාරව ඉන්න පුද්ගලයා විදියට වගකීමෙන් යුතුව කියනවා අපි එන්නත්කරණය සඳහා කාලතුවක්කු රෙජිමේන්තුව පාවිච්චි කළේ නෑ. අපි මේ සඳහා යෙදව්වේ වෛද්‍ය බලකායේ ඉතාමත් පළපුරුදු අය. ඒ අය වෛද්‍ය කේෂ්ත්‍රයේ අධ්‍යාපනයක් ලබලා, ඒ වගේම ලොකු පළපුරුද්දක් ලබපු අය. ඒ අයගෙන් එන්නත් ලබාගන්න කිසිදු බයක් ඇති වෙන්න දෙයක් නෑ, මෙතන දී අපි කරේ රටට එන්නත් ගෙනල්ලා එන්නත් කරගන්න බැරිනම්, රටේ ජනතාව වසංගතයට ගොදුරු වෙනවා නම් හමුදාවෙන් ඒක කරන්න පූළුවන් නම් මොකද්ද තියෙන වැරැද්ද? “

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, රටේ ජාතික ආරක්ෂාව තහවුරු නොකර රටක් දියුණුවීම පිළිබඳ සිතිය නොහැකි බවය.

වසංගතයක් හේතුවෙන් ජනතාව මියයෑම පවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පැවසු කමල් ගුණරත්න මහතා, එවන් මොහොතක අවශ්‍ය සේවාවන් සඳහා හමුදාව යෙදවීම රජයේ වගකීමක් බව ද පැවසීය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට

2027 අයවැය: නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට. වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු:මි:300 ක්.

වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්

2027 අයවැය: වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්. කුඹුරුවල වගා කරන අනෙකුත් බෝග සඳහාත් මහ කන්⁣නයේ සිට පොහොර සහනාධාරය. කුරුඳු කර්මාන්තය නැංවීමට රු:මි:400 ක්.-

පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්..දහම් පාසල් ගුරු දීමනා සහ විද්‍යාපීඨ ගුරු දීමනා ඉහළට

2027 අයවැය: පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්. දහම් පාසල් ගුරු දීමනාව රු:12,500 දක්වා රු:5000 කින් ඉහළට. විද්‍යා පීඨ ගුරු දීමනාව රු:10,500 සිට 20000 දක්වා ඉහළට..

මෙවර අයවැයේ උපායමාර්ගික සැලසුම් 07 ක්- ජනපති

2027 අයවැය: මෙවර අයවැයේ උපායමාර්ගික සැලසුම් 07 ක්. හදිසි භාවිතයට භාණ්ඩාගාරයේ මුදල් සංචිතයක් පැවතිය යුතුයි: ජනපති.-2027 අයවැය: ආයෝජනයන්ට හිතකර පරිසරයක්. අපනයන තරගකාරීත්වය සහ විදෙස් විනිමය ධාරිතාව ඉහළට. අයවැය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img