එන්නත්කරණ වැඩසටහන ඇරඹේ
ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත්, එන්නත්කරණය අද (29) යුද හමුදා රෝහලේදී ආරම්භ විය.
එහිදී යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට එන්නත ලබාදීමට පියවර ගත්තේය.
මේ අතර එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පැවැත්වුණේ සෞඛ්‍ය බලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටියේය.
ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පළමු එන්නත ලබාදුන්නේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාටය.
ඒ අනුව බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ස්ථාන 6කදී එන්නත්කරණ කටයුතු අද ආරම්භ විය.






















