Wednesday, November 11, 2026
HomeNEWSඑන්නත් ලබාගැනීමට ජනතාව දිගු පෝලිම්වල

එන්නත් ලබාගැනීමට ජනතාව දිගු පෝලිම්වල

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන් අද (12) දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වේ. 

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථාන ආශ්‍රිව දිගු පෝලිම් දක්නට ලැබුණු බව “අද දෙරණ“ වාර්තාකරුවන් පැවසුවේය.

බියගම රජයේ රෝහලේ ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථානයට අද (12) දිනයේ විශාල පිරිසක් එන්නත් ලබා ගැනිමට පැමිණ තිබූ අතර කිලෝමීටර් 02කට ආසන්න දිගු පෝලිමක් එහි දක්නට ලැබුණි.

සෞඛ්‍ය වෘත්තිය සමිති විසින් ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ එන්නත්කරණ කටයුතු සිදුනොවීම හේතුවෙන් ඊයේ දිනයට කැඳවිම් ලද පිරිස ද අද දිනයේ එන්නත් ලබා ගැනිමට පැමිණිම මීට හේතුවයි.

කෙසේවෙතත් බලධාරින්ගේ නිසි සැලසුමක් නොමැතිවීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බව එම ජනතාව පැවසුවේය.

එන්නත ලබාගැනීමට පැමිණි ජනතාව…

“විඳින්න නොම්බර 500ක් විතර දීලා තියෙන්නේ“

“වාහනවලින් ඇවිත් ඇවිත් ඉස්සරහට ගිහින් ගහගෙන යනවා.“

“ඊයේ ස්ට්‍රයික් නිසා ගහලා නෑ බෙහෙත් එක්‍. ඒ 300 අද උදේ ඇවිල්ලා. අද ගහන කොටස ඉන්නවා පාන්දර 2කේ ඉදලා. එතකොට මේ කොටසින් කෝකටද බෙහෙත් දෙන්නේ කියන එක ලියාගත්ත යුනිට් එක අද නෑ. “

“විනායානූකූලව වැඩක් කරන්න කියලා තමයි අපි ඉන්නේ කවුරුහරි නිලධාරීයෙක් දාලා.“

මේ අතර පන්නිපිටිය විද්‍යාදාන මහ විද්‍යාලයේ සංවිධාන කර තිබූ එන්නත්කරණ වැඩසටහනටත් විශාල පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුණි.

මේ අතර සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ගතවූ දිනයේ පුද්ගලයින් 45,580 දෙනෙකුට ලබාදී තිබේ.

ඒ අනුව මේ වන විට 78,025 දෙනෙකු එම එන්නතේ මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

පුද්ගලයින් 42,569 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේ ද ලබාදී තිබේ.

මේ දක්වා මෙරටට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 31ක් ලැබී ඇති අතර ඉන් මාත්‍රා 1,287,301ක් මේ වන විට භාවිත කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img