එන්නත ආවත් සෞඛ්‍ය පුරුදු වෙනස් නොවිය යුතුයි – GMOA
කොවිඩ් එන්නත මෙරටට ගෙන එනු ලැබුවද ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් ඒ අයුරින්ම අනුගමනය කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අද (26) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා මේ බව සඳහන් කළේය.
“එන්නත ගෙන්නුවට විතරක් එක පාරටම අපිට රට තුළ ව්‍යාප්ත කරන්න බැරි වේවි. මොකද එන්නත් ගබඩා කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. එන්නත රට තුළට පැමිණීම තුළින් අපි බලාපොරොත්තුවෙනවා කොවිඩ් පාලන ක්‍රමවේදයේ යම්කිසි වෙනසක් සිදුවේවි කියලා ඉදිරියේදී. නමුත් ජනතාව වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ කරුණක් තමයි සෞඛ්‍ය ක්‍රමවේද කිසිදු අයුරකින් ලිහිල් කිරීමට බෑ. එන්නත රටේ ජනගහනයෙන් 70%කටවත් දුන්නොත් තමයි එන්නත මගින් පමණක් රෝගය පාලනය කිරීමේ සැලකියයුතු මට්ටමකට රටක් ලෙස ළඟා වෙන්නේ. ඒ මට්ටමට එන්න සෑහෙන්න කාලයක් යයි.”






















