ඓතිහාසික කතරගම පුදබිම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පඬු කරඳ පැල රෝපණය කිරීමේ විශේෂ වැඩසටහනක්.
ඓතිහාසික පුද බිමක් වන කතරගම සහ කතරගම දෙවියන් හා සම්බන්ධ පුරාවෘත්ත වල කරඳ ශාකයට සුවිශේෂී වැදගත්කමක් හිමි වේ. මේ පිලිබඳ විශේෂ අවධානය යොමු කල අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයක් අනුව පඬු කරඳ ශාකය සුරක්ෂිත කොට පෝෂණය කොට ව්‍යාප්ත කිරීමේ ජාතික වැඩසටහනේ පියවරක් ලෙස (ජුලි මස 16වන ඉරු දින) පෙරවරුවේ කතරගම කෞතුකාගාරය ඉදිරිපස පරිශ්‍රයේ පඬු කරඳ පැල රෝපණය කිරීමේ විශේෂ වැඩසටහනක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මැතිතුමා, මාර්ග සංවර්ධන අධිකාරියේ, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය






















