Sunday, November 8, 2026
HomeNEWSඔඩුදුවන දුම්රිය වර්ජන

ඔඩුදුවන දුම්රිය වර්ජන

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ දුම්රිය බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භකර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දුම්රිය ගාස්තු සංශෝධනය කර ඇති ආකාරය ගැන විරෝධය පළකරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (23) පස්වරු 06 සිට පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

ඒ අනුව, සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලින් මේ වනවිට ඉවත්ව සිටී.

අද පෙරුවරුවේ දුම්රිය බලධාරීන් සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එරෙහිව බලධාරීන් යම් පියවරක් ගන්නේනම් ඒ මොහොතේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය එන්ජින් රියදුරු, නියාමක ඇතුළු අනෙකුත් වෘත්තිය සමිති තීරණය කර තිබේ.

දුම්රිය නගාසිටුවීම සඳහා වූ වෘත්තීය සමිතියේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භකර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය පළකරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img