මෙවර ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවදින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික නිල ඇඳුම ලබා දීමට ඉදිරිපත් වූ යෝජනාව මේ දක්වා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිදුකර නොමැති බව ජපානයේ ටෝකියෝ නුවර වාර්තා වේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිපික් තරගාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාවේ දජය සමග ජාතික නිල ඇඳුමක් ලබාදීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය සූදානම් වූ අවස්ථාවේදී එම ජාතික නිල ඇඳුම ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මගින් ලබාදීමට එකඟවී ඇති බව වාර්තා වේ.
නමුත් ජපානයේ ටෝකියෝ නුවරින් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ එකඟ වූ පරිදි එම ජාතික නිල ඇඳුම ලබා දීමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මේ දක්වා ක්‍රියා කර නොමැති බවයි.
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම ජාතික නිල ඇඳුම ලබා දීම ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු සිදු කරනම් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය පෙන්නුම් කරමින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර ඔලිම්පික් තරඟ වලට සහභාගී වීමට හැකියාවක් තිබු අතර එය එසේ නොවීම ගැන බොහෝ දෙනෙකුගේ අවදානය යොමුවී ඇති බවද ජපානයේ ටෝකියෝ නුවරින් වැඩි දුරටත් වාර්තා වේ.






















