Sunday, November 8, 2026
HomeNEWSඖෂධ හිඟය මගහරවාගන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් උදව් ඉල්ලයි

ඖෂධ හිඟය මගහරවාගන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් උදව් ඉල්ලයි

ශ්‍රී ලංකාව මුහුණදී ඇති ඖෂධ හිඟය මගහරවා ගැනීමට උපකාර කළ හැකි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මහින් හෙට දිනයේදී විශේෂ ගිණුමක් විවෘත කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාල දැනුවත් කර ඇති බවත් ජයසුමන මහතා පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 273ක් සම්බන්ධයෙන් එම තානාපති කාර්යාල දැනුවත් කර ඇති බවත් අවශ්‍ය ආධාර උපකාර කිරීමට විදේශයන්හි වෙසෙන විශාල පිරිසක් එකඟ වී ඇතැයි සඳහන් වෙයි.

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය විසඳීම සඳහා ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලේ ඉතිරිව පවතින මුදල් ප්‍රයෝජනයට ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මහ බැංකු අධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

මහ බැංකු අධිපති ආචාර්යය නන්දලාල් වීරසිංහ මහතා වෙත  ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව දැනුම් දී ඇත.

මේ අතර, අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රටේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේ දී ඖෂධ හිඟය තවදුරටත් ඉහළ යනු ඇති බවය.

මේ අතර පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසුවේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 200 කට වැඩි සංඛ්‍යාවක හිඟයක් පවතින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img