Monday, October 26, 2026
HomeNEWSකච්චතිව් ගැන ඉන්දීය රජය දැඩි ස්ථාවරයක

කච්චතිව් ගැන ඉන්දීය රජය දැඩි ස්ථාවරයක

කච්චතිව් දූපත සම්බන්ධයෙන් 1974 සහ 1976 වසරවල ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඉන්දීය රජය වෙනුවෙන් එරට නීතිපති ආර්. වෙන්කටරාමනී මහතා අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන බවත්, ඉන්දීය ධීවරයන් සම්බන්ධ ගැටලු රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ විසඳීමට කටයුතු කරන බවත්ය.

කෙසේ වෙතත්, කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දියාව විසින් ගනු ලබන තීරණ පිළිගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට බල කළ නොහැකි බවද ඉන්දීය නීතිපතිවරයා සඳහන් කර තිබේ.

1974 ගිවිසුම මඟින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සහ 1976 ගිවිසුම මඟින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයන්ගේ ධීවර අයිතිවාසිකම් සීමාකිරීම අභියෝගයට ලක්කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාග කෙරෙමින් පවතී.

එමෙන්ම, ඉන්දීය මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත අඩුවීම හේතුවෙන් තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවන බවද ඉන්දීය රජය අධිකරණයට පෙන්වා දී ඇත.

කෙසේ වෙතත්, ඊයේ (06) පැවති විභාගයේදී එම ගිවිසුම් දෙකෙහි ව්‍යවස්ථානුකූල හෝ නීතිමය වලංගුභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී නොමැත.

2008 වසරේ සිට විභාගයට ගෙන ඇති මෙම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර විභාගය 2027 පෙබරවාරි මාසයට කල් තබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...

සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා- පූජ්‍ය උලපනේ සුමංගල හිමි

රජය සමඟ සාකච්ඡා කර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නිදහස ලබා ගැනීමට පියවර ගන්නා බව ත්‍රෛනිකායික මහානායක හිමිවරු ලිඛිතව දැනුම් දී ඇති බැවින්,පසුගිය දින 10ක...

ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව ඉරානය කියයි

ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් දකුණු දිග වරාය නගරයක් වන බන්දාර් අබ්බාස් ආසන්නයේදී, ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළා ඇතැයි, ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

හූති බැලස්ටික් මිසයිලයක් සහ කෲස් මිසයිලයක් විනාශ කළ බව සෞදි අරාබිය පවසයි

රියාද් දෙසට පැමිණෙමින් තිබූ හූති බැලස්ටික් මිසයිලයක් සහ නිරිතදිග ඛාමිස් මුෂයිට් නගරයට එල්ල වූ කෲස් මිසයිලයක්, සිය ගුවන් පද්ධති මගින් විනාශ කළ බව, සෞදි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img