Thursday, November 12, 2026
HomeNEWSකබ්රාල් ගේ පත්වීමට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද ? -...

කබ්රාල් ගේ පත්වීමට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද ? – තීරණය දෙන දිනය ප්‍රකාශයට පත්කෙරේ

හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

එම පෙත්සම අද (12) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී දෙපාර්ශවයේ නීතිඥවරු විසින් එම නඩුවට අදාළ ලිඛිත දේශන අධිකරණයට භාරදී ඇති බව දැනුම් දුන්නේය.

ඒ අනුව පෙත්සම ඉදිරියටත් විභාග කිරීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කරන්නේ ද? නැද්ද? යන්න තීරණය නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ. වයි.පී. ප්‍රනාන්දු යන අය නම්කර තිබේ.

පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ, මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් ඉදිරිපත් කළ නිර්දේශ මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෝහාරික විගණනයක් සිදුකළ බවත් එම වෝහාරික විගණන වාර්තාවට අනුව වගඋත්තරකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වශයෙන් කටයුතු කළ 2005 සහ 2015 වසර දක්වා කාලසීමාව තුළ රජයට රුපියල් බිලියන 10.4ත් 10.6ත් අතර පාඩුවක් සිදුවී ඇති බව වාර්තා ගතකර ඇති බවය.

ඊට අමතරව ඒ මහතා මූලිකත්වය දැරූ හෙජින් ගිවිසුම හරහා ද ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 200ක  පාඩුවක් සිදුවී ඇති බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දෙයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවූ අලාභ ඇතුළත් වෝහාරික විගණන වාර්තාව එම බැංකුව විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණද මේ දක්වා ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයා පියවර ගෙන නොමැති බව පෙත්සම්කරු චෝදනාකර තිබේ.

ඒ අනුව වගඋත්තරකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඔහු අභියාචනාධිකරණය ඉල්ලා තිබේ.

ඊට අමතරව එම අලාභ සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීම පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත යටතේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අධිචෝදනා ගොනුකරන ලෙස නීතිපතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත්කරන ලෙසද පෙත්සමෙන් තවත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img