Wednesday, September 23, 2026
HomeNEWSකරුංකා ප්‍රතිඅපනයනයට ව්‍යාජ ලේඛන සැකසු රේගු නිලධාරියා අත්අඩංගුවට

කරුංකා ප්‍රතිඅපනයනයට ව්‍යාජ ලේඛන සැකසු රේගු නිලධාරියා අත්අඩංගුවට

ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද කරුංකා කන්ටේනර් 23ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බවට පවසමින් ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට පරිගණක ආශ්‍රයෙන් ව්‍යාජ ලේඛන සකස් කළ රේගු දෙපාර්තමේන්තුවේ, සහකාර රේගු අධිකාරීවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ ඒකකය මඟින් දැනට මාස කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබු බවය.

එම විමර්ශනය 2020 වසරේ අගෝස්තු මස සිට ඔක්තෝබර් දක්වා වු කාලය තුළ සිදුකර ඇති බවත්, එහිදී රුපියල් මිලියන 300ක් වටිනා කරුංකා කන්ටේනර් 23 සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම සිදුවීම සම්බන්ධයෙන් කූඨ ලේඛන සැකසීමක් සම්බන්ධයෙන් අනාවරණය වී තිබුණු බවත් එහිදී එම ලේඛන රේගු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අදාළව සිදුකර තිබු බවට අනාවරණය වු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව එම ව්‍යාජ ලේඛන සැකසු සහකාර රේගු අධිකාරීවරයා ඊයේ (12) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 29 හැවිරිදි වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කෙසේවෙතත් මේ වන විට අදාළ නිලධාරියාගේ වැඩතහනම් කර ඇතැයි වාර්තා වන බව ද පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අනුව ඔහුට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන බව ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img