Wednesday, June 3, 2026
HomeNEWSකලම්බු ඩොක් යාඩ් අඩු මුදලට ඉන්දියාවට දෙන්න යනවා-තිස්සගෙන් චෝදනාවක්.

කලම්බු ඩොක් යාඩ් අඩු මුදලට ඉන්දියාවට දෙන්න යනවා-තිස්සගෙන් චෝදනාවක්.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (02) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වුයේ සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාය.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,‘‘පළාත් පාලන ආයතන 165 ක සභාපතිවරු , නගරාධිපතිවරු පත්කර ගැනීමේ නිල වරණ පැවැත්වුණා. එකවර බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වූ දේශපාලන පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් වලට එම නිල වර්ණ මගින් සභාපතිවරයා සහ නගරාධිපතිවරයා තෝරා පත් කරගැනීමට මෙහිදී හැකිවී තිබෙනවා. ඒ අනුව මෙම පළාත් පාලන ආයතන 165 න් පළාත් පාලන 94 ක් ජයගැනිමට පොදු විපක්ෂයට හැකිවී තිබෙනවා. ඒ වගේම 71 ක් ජාතික ජනබලවේගය බලය පිහිටුවා තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන 34 ක බලය පිහිටුවන්න සමගි ජන බලවේගයට හැකියාව ලැබුණා. අයිටැකි පක්ෂයට 31 ක් , slpp පක්ෂයට 26 ක් , slmc 3 ක් , acmc 3 ක් , cwc 3 ක් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2 ක් , එක්සත් ජාතික පක්ෂය 2 ක් ඇතුළුව පොදු විපක්ෂය පළාත් පාලන ආයතන 94 ක බලය ලබාගැනීමට හැකි වී තිබෙනවා. ඒ වගේම තවත් පළාත් පාලන ආයතන 10 ක නගරාධිපතිවරු සහ සභාපතිවරු තෝරා පත් කර ගැනීම සඳහා නිලවරණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. කෙසේ නමුත් පොදු විපක්ෂය ලෙස මෙවැනි සුවිශේෂ ජයග්‍රහනයක් ලබාගන්න හැකිවී තිබෙන්නේ ආණ්ඩුවේ බලය තිබියදී. ඒ වගේම පළාත් පාලන නිලවර්ණ සඳහා ආණ්ඩුවේ මැති ඇමැතිවරු පවා සහභාගි වුණා. ඒ වගේම ඔවුන් පළාත් පාලන ආයතනවලට ගොස් විවිධ බලපෑම් පවා එල්ල කරන්න කටයුතු කළා. ඒ වගේම විවිධ අයථා ක්‍රම මගින් ආණ්ඩුවේ මැති ඇමැතිවරු පළාත් පාලන නියෝජිතයන්ට විවිධ බලපෑම් එල්ල කළා. ඒ වගේම ඇතැම් අවස්ථාවල පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයාත් යම් යම් බලපෑම් සිදුකරනු ලැබුවා. මෙවැනි තත්ත්වයක් තුළ තමයි පොදු විපක්ෂයට පලාත් පාලන ආයතන 94 ක බලය ලබාගැනීමට හැකියාව ලැබුණේ. ඒ වගේම ඉතිරිව ඇති පළාත් පාලන ආයතන 10 ත් බහුතරයක බලය පොදු විපක්ෂයට ලබාගැනීමට හැකිවෙතැයි අපි විශ්වාස කරනවා. ඒ වගේම පොදු විපක්ෂයක් ලෙස යම් එකඟතාවයක් ඇති කරගෙන සියලුම විපක්ෂයේ කණ්ඩායම්වලට එකට කටයුතු කරන්න හැකියාවක් ලැබුණා. ඒ වගේම මතවාද අමතක කර ජනතාව පොදු විපක්ෂයට ලබාදුන්න ජනවරම ආරක්ෂා කරමින් එකට එකතු වී කටයුතු කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම පොදු විපක්ෂයට සහාය ලබාදුන්න සියලුම දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට සමගි ජනබලවේගය ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආණ්ඩුව මේ වනවිට ඉන්ධන මිල වැඩි කර තිබෙනවා. ඒ අනුව පෙට්ට්‍රල් රුපියල් 12 කින් , ඩීසල් රුපියල් 15 කින් , භුමිතෙල් රුපියල් 7 කින් ඉහළ දමා තිබෙනවා. ඒ වගේම පසුගිය ආණ්ඩුව ඉන්ධන මිල සඳහා මිල සූත්‍රයත් හඳුන්වා දෙන විට ජාතික ජනබලවේගයේ නායකයන් විවිධ විවේඡන එල්ල කළා. ලෝක වෙළඳපොලේ තෙල් මිල තිරණය කරලා වාසි සහගත අවස්ථාවල ඉන්ධන මිල අඩු කිරිමටත් අවාසි සහගත අවස්ථාවල තෙල් මිල වැඩිකිරීම සඳහා තමයි ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ලැබුවේ. ඒ අනුව හිටපු ඇමැති කංචන විජේසේකර මහතා ඉන්ධන මිල සුත්‍රයක් හදුන්වා දෙන විට ඒවැනි දෙයක් රටට අවශ්‍ය නැති බව ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටින කාලයේ ප්‍රකාශ කළා. ඒ වගේම තෙල් මිල පාලනය කිරීමට ආණ්ඩුව නොහැකිනම් ආණ්ඩු ඉල්ලා අස්විය යුතු බව ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටින කාලයේ ප්‍රකාශ කළා. ඒ වගේම වරායට ගොඩබාන ඉන්ධන සහ මහජනතාවට බෙදා හරින ඉන්ධන මිල අතර විශාල වෙනසක් තිබෙන බවත් එයින් විශාල කොමිස් මුදලක් හිටපු ඇමැති කංචන විජේසේකර මහතාගේ සාක්කුවට යන බව ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටින කාලයේ ප්‍රකාශ කළා. කෙසේ නමුත් ජාතික ජනබලවේග ආණ්ඩුවට ඉන්ධින මිල වැඩි කරන්න කිසිදු සාධාරණ හේතුවක් නෑ. ඒ වගේම ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වී නෑ. ලෝක වෙළඳපොලේ තෙල් මිල සුළු අඩුවිමක් සිදුවෙලා තිබෙනවා. ඒ වගේම මැදපෙරදිග කලාපයේ යුදමය වතාවරණයක් ඇතිවුණත් එය තෙල් මිලට බලපෑමක් එල්ල වෙලා නෑ. මෙවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුව කොහොමද තෙල් මිල වැඩි කළේ? ඒ වගේම මාස කිහිපයකට සරිලන ලෙස ඉන්ධන තොග රට තුළ තිබෙන බව ජාතික ජනබලවේග ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ බව තෙල් සංස්ථාවේ සභාපතිවරයාත් ප්‍රකාශ කළා. ආණ්ඩුවේ ඇමැතිවරුත් මේ බව ප්‍රකාශ කළා. එසේ නම් අඩුමිලට පවත්වාගෙන ගිය ඉන්ධන තොගවල මිල වැඩි කරලා පාරිභෝගිකයා අපහසුතාවයට පත් කරන්නේ ඇයි කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. ඒ වගේම ලෝක වෙළඳපොලේ ඉන්ධින මිල වැඩිවී නැති අවස්ථාවක , අලුත් ඉන්ධන තොග ලංකාවට ගෙනැවිත් නැති අවස්ථාවක ලංකාවේ තිබෙන ඉන්ධන තොග සඳහා පෙට්ට්‍රල් රුපියල් 12 කින් , ඩීසල් රුපියල් 15 කින් , භුමිතෙල් රුපියල් 7 කින් වැඩි කිරිම යුක්ති සහගත කටයුත්තක් නෙවෙයි. ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ දමා නැති අවස්ථාවක ඉන්ධනමිල වැඩි කරලා ආණ්ඩුව අධික ලභයක් ලැබිමට තමයි මෙයින් උත්සහ කරන්නේ. ඒ වගේම මේ ආකාරයට මහජනතාව පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් අපේ විරෝධය පලකරනවා. ඒ වගේම සියයට 2.5 කින් බස් ගාස්තු අඩු කරන බව ගමනා ගමන කොමිසන් සභාව නිවේදයක් නිකුත් කර තිබුණා. නමුත් බස් ගාස්තුව සියයට .55 කින් අඩුවන බව නැවත ප්‍රකාශ කරනවා. ඒ අනුව දුරගමන් සේවා වලින් රුපියලක මුදලක් තමයි අඩුවෙන්නේ. මේවැනි කටයුතු වලින් පෙනෙන්නේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවයයි. ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණ දේවල් නෙවෙයි සිදුකරන්නේ. ආණ්ඩුව සිදුකරන්නේ ජනතාව මත අධික බදු පටවලා කෙසේ හෝ ආණ්ඩුවේ ආදායම් ප්‍රමාණය වැඩි කර ගැනීමයි. කෙසේ නමුත් ආණ්ඩුවේ මේ හැසිරිම ලැජ්ජා සහගතයි. ඒ වගේම තෙල් මිල වැඩි කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නැති අතර එය සම්පුර්ණයෙන් වැරදි කටයුත්තක්. ඒ වගේම කලම්බු ඩොක් යාඩ් ආයතනය ඉන්දියානු රාජ්‍ය සමාගමකට විකුණා දමන්න තිරණය කරලා තිබෙනවා. කොලම්බු ඩොක් යාඩ් ආයතනයේ සියයට 51 ක කොටස් තමයි මේ ආකාරයට විකුණා දමන්න සුදානම් වන බව වාර්තා වෙනවා. ඒ වගේම සියයට 51 ක කොටස් වල වටිනාකම ඩොලර් මිලියන 150 ක් ව තිබියදී ඉන්දියානු සමාගමට විකුණන්නේ ඩොලර් මිලියන 50 කට. ඒ වගේම කලම්බු ඩොක් යාඩ් ආයතනය තිබෙන අක්කර 25 ක භුමි ප්‍රමාණය මෙම මුදලින් බෙදු විට පර්චස් එකක් රුපියල් 62,500 ක වගේ මුදලකට තමයි කලම්බු ඩොක් යාඩ් ආයතනය සතු අක්කර 25 විකුණන්න ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒ වගේම මෙම ඉන්දියානු සමාගම යුද උපකරණ නිෂ්පාදය කරන ආයතනයක් බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම සබ්මැරින් නිෂ්පාදය සහ යුදමය බෝට්ටු නිෂ්පාදය කිරිම තමයි මෙම ආයතනය සිදුකරන්නේ. ඒ වගේම ඉන්දියාවට අවශ්‍ය යුද උපකරණ නිෂ්පාදනය කරන ආයතනයක් ලංකාව තුළ ඇති කරන්න ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් ගිවිසුම් තුළ තිබෙන බව මාධ්‍යවල වාර්තා වුණා. ඒ අනුව ලංකාව තුළ යුද උපකරණ නිපදවිමේ ආයතනයක් ඇතිකරන්නද කලම්බු ඩොක් යාඩ් ආයතනයේ සියයට 51 ක කොටස් ඉන්දියානු රාජ්‍ය සමාගමකට විකුණන්න උත්සහ කරන්නේ කියන ප්‍රශ්නය අපි ආණ්ඩුවෙන් අහන්න කැමැතියි.ඒ වගේම ලංකාවේ භුමිය තවත් රටක යුද උපකරණ නිෂ්පාදනය සඳහා මේ ආකාරයට ආවස්ථාවක් ලබාදිම විදේශ ප්‍රතිපත්තියට බාධාවක් වෙනවා. කලම්බු ඩොක් යාඩ් ආයතනයේ කොටස් වලින් සියයට 51 ක් ලබාගෙන යුද උපකරණ නිෂ්පාදනය කරන්න භාවිතා කළොත් ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන බලපෑම ගැන ආණ්ඩුව තක්සේරු කර තිබෙනවාද කියලා අපි ආණ්ඩුවෙන් අහන්න කැමැතියි. මෙවැනි දේවල් වලින් ආණ්ඩුවේ නොහැකියාව තමයි ප්‍රදර්ශනය කරමින් සිටින්නේ. ඒ වගේම රටේ පැවැති කිසිදු ආණ්ඩුවක් මෙවැනි එකඟතාවලට පැමිණිලා නෑ. ඒ වගේම මෙම කොටස් ප්‍රමාණය විනිවිද භාවයකින් යුක්තව අදාල සමාගම්වලට භාර දිමට රජය කටයුතු නොකරන්නේ ඇයි ද කියන ප්‍රශ්නයත් මතුවෙනවා. බලය ලබාගැනිමට පෙර ජාතික ජන බලවේගයේ නායකයන් ප්‍රකාශ කළේ මෙවැනි ගනුදෙනු විවෘතව කොටස් වෙළදපොල හරහා සිදුවිය යුතුයි කියලා. නමුත් මේ ගනුදෙනුවේ කිසිදු විනවිදභාවයක් නෑ. ඒ වගේම කිසිදු පරික්ෂාවකින් තොරව බහලුම් 323 ක් රේගුවෙන් නිදහස් කිරිමේ ක්‍රියාවලිය පිලිබඳව ආණ්ඩුව පත් කළ කමිටුවේ නිර්දේශ ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශ කළේ නෑ නමුත්, මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී එම කමිටු නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවා. බහලුම් 323 තුළ තිබුන දේවල් පිලිබඳව , එම බහලුම් ගෙනා සමාගම් පිළීබඳව තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම වසන් කිරිමට උත්සහ කළා. ඒ වගේම මෙම බහලුම් නිදහස් කිරිමට අවසර දුන්නේ කවුද කියන කාරණය වසන් කරන්න ආණ්ඩුව උත්සහ කළා. ඒ වගේම මෙම බහලුම් 323 පිළිබඳව සෙවිමට පත් කළ පරික්ෂණ කමිටු වාර්තා අනුව මෙම සිද්ධියේ විශාල අර්බුද රැසක් තිබෙනවා. මේ නිසා රටට සිදුවි තිබෙන අලාභයත් තක්සේරු කරගැනිමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. ඒ වගේම මෙම බහලුම් නිදහස් කිරිමේදි අනුගමනය කරන ක්‍රියාවලිය බිද දමා තිබෙනවා. ඒ වගේම නිශ්කාෂනය නොකර සිදුවුණ පාඩුව අති විශාල බවත් කමිටු වාර්තාවේ සඳහන් වෙනවා. ඒ් වගේම මෙම බහලුම් රේගු නිලධාරින් නිදහස් කළා නම් ඒ සඳහා උපදෙස් දුන්නේ කවුද? ඒ වගේම බහලුම් නිදහස් කරන්න රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ව්‍යවස්ථාපිත බලයක් නැති බවත් කමිටු වාර්තාවේ සඳහන් වෙනවා. බලයක් නොමැතිව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට බහලුම් නිදහස් කරන්න උපදෙස් දුන්නු ආණ්ඩුවේ බලවතා කවුද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. කෙඒ වගේම මෙම බහලුම් 323 සම්බන්ධයෙන් විගණනයක් සිදුකර කරුණු සොයාගත යුතු බවත් කමිටු වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වගේම රජයට සිදුවි තිබෙන මුල්‍යමය පාඩුව ගණනය කළ යුතු බවත් කමිටු වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වගේම මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරින් හදුනාගෙන ඔවුන්ට විරුද්ධව ක්‍රියා කළ යුතු බව කමිටු වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වගේම බහලුම් නිදහස් කිරිමදි සිදුවුණ අලාභය පිලිබඳව මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුයි. නමුත් එවැනි කිසිවක් සිදුවෙලා නෑ. ඒ වගේම බහලුම් 323 නිදහස් කිරිම සම්බන්ධයෙන් අදාල නිලධාරින්ට විරුද්ධව විනයානුකූල පියවර ගන්නා බව ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් නිලධාරින් බහලුම් නිදහස් කළේ කාගේ අවශ්‍යතාවයටද දැයි සොයා බැලිය යුතුයි. කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුව රාජ්‍ය නිලධාරින් පිට වරද පටවා ආණ්ඩුවේ වැරදි වසා ගැනිමට උත්සහ කරනවා. කෙසේ නමුත් බහලුම් 323 නිදහස් කිරිමෙන් සිදුවු පාඩුව මහ බැංකු වංචාවට වඩා වැඩි මුල්‍ය වංචාවක් සිදුවි තිබෙන බවට සැක කිරිමට පුලුවන්. ඒ වගේම වරායේ තද බදයක් ඇති වි තිබෙන්නේ ලුණු අධික ලෙස ආනයකය කිරිම නිසා බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරනවා. ඒ වගේම තත්ත්වයෙන් අවම ලුණු වරායට ගොඩබා ඇති බවත් ඔහු ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් තත්ත්වයෙන් අවම ලුණු ගෙන්විම සඳහා අනුමැතිය ලබාදුන්නේ කවුද? ඒ වගේම බහලුම් 323 සිද්ධිය ආණ්ඩුව වසන් කිරිමට උත්සහ කළත් එය විශාල වංචාවක් දුෂණයක් බව පැහැදිලි වී තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව නිසි ලෙස පරික්ෂණයක් පැවැත්විය යුතුයි. ඒ වගේම ආණ්ඩුව සහල් මෙට්‍රික්ටොන් 40000 ක් ආනයනය කරන්න පියවර ගන්නා බව වාර්තා වෙනවා. වෙලදපොලේ කිරි සම්බා හිගය මගහරවා ගැනිම මෙම ආනයනය සිදුකරන බව තමයි ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ. කෙසේ නමුත් ආණ්ඩුව නිල වශයෙන් වී මිලදි ගැනිම ගැනත් ප්‍රකාශ කරනවා. ඒ අනුව නාඩා කිලෝවක් රුපියල් 120 , සම්බා කිලෝවක් රුපියල් 125 , කිරි සම්බා කිලොවක් 132 යටතේ මිලගැනිම සිදුකරන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් රටට කිරි සම්බා සඳහා මෙට්‍රික්ටොන් 40000 ක් ආනයනය කරන බව නිවේදනය කරනවා. මේ අනුව දේශිය වී නිෂ්පාදනය වෙළඳපොලට පැමිණෙන අවස්ථාවේ සහල් මෙට්‍රික්ටොන් 40000 ක් ආනයනය කිරිමෙන් වී වල මිල සහ සහල් වල මිලට විශාල බලපැමක් සිදුවෙනවා. හිගය පියවා ගැනිමට සහල් ආනයනය කිරිම සහ දේශිය නිෂ්පාදනයට බලපැමක් ඇතිවන ලෙස සහල් ආනයනය කළාම ඇතිවන ප්‍රතිවිපාක ගැන ආණ්ඩුව තක්සේරුවක් කරලා නැතිබවයි පෙනෙන්න තිබෙන්නේ. ඒ වගේම රටට අවශ්‍ය ආහාර සම්බන්ධයෙන් තින්දු ගන්න ආහාර කමිටුවක් ජාතික ජනබලවේග රජය සතුව නැති බවක් තමයි මෙයින් පෙනී යන්නේ. ඒ වගේම පසුගිය වතාවේ සහල් මෙට්‍රික්ටොන් 65000ක් ආනයනය කරන්න ආණ්ඩුව කටයුතු කළා. එහිදි සහල් හිගය අවම කර ගැනිමට මෙලෙස හාල් ආනයනය කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ වගේම වරායට ගෙන ආ සැම සහල් කිලෝවකටම ආණ්ඩුව රුලියල් 65 ක බද්දක් අයකළා. ඒ වගේම රටේ ජනතාවගේ බඩගින්න පදනම් කරගෙන ආණ්ඩුව විශාල මුදලක් සොයාගත්තා. මෙවරත් ආණ්ඩුව උත්සහ කරන්නේ සහල් ආනයනය කරලා විශාල බදු මුදලක් එකතු කරගන්න. කෙසේ නමුත් ගොවින් වෙනුවෙන් පාරට බැහැලා උද්ඝෝෂණය කළ වර්තාමන ආණ්ඩුවේ පිරිස් අද සහල් ආනයනය හරහා ගොවින් අපහසුතාවයට පීඩාවට පත් කර තිබෙනවා. කෙසේ නමුත් පැවැති ආණ්ඩුව වලට සැලසුමක් තිබුණා. නමුත් වර්තමාන ආණ්ඩුවට එවැනි සැලසුමක් නෑ. ඒ වගේම නිශ්චිත ඉලක්කයක් වර්තමාන ආණ්ඩුවට නෑ.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img