2022 වසරේ පළමු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ 9 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පැවැත්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වූ බවය.
මෙහිදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව කල්තැබීමේ විවාදය සඳහා 19 සහ 20 යන දින දෙකට අමතරව 21 වන සිකුරාදා දිනයද වෙන් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
කථානායකවරයා දැනුවත් කර එම දිනය ද විවාදය සඳහා ලබාගන්නා ලෙස එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇත.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වෙත පැහැදිලි කිරීමක් සිදුකළ බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පැවසීය.






















