Sunday, August 16, 2026
HomeNEWSකසළ තේ ජාවාරමේ තවත් තොරතුරු හෙළිවේ

කසළ තේ ජාවාරමේ තවත් තොරතුරු හෙළිවේ

කසළ තේ ජාවාරමේ තවත් තොරතුරු හෙළිවේ

කසළ තේ අපනයනය කිරීමේ ජාවාරම සඳහා උන්ඩියල් ක්රතමයට මෙරටට මුදල් ගෙන්වාගෙන ඇති බව රේගුව සිදුකළ මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

කසළ මෙට්‍රික්ටොන් 450කට අධික ප්‍රමාණයක් ඉරාකයට අපනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ජාවාරමේ ප්‍රධාන සැකකරු පසුගියදා රේගු අවදානම් කළමනාකරණ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවටගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ ජාවාරම සඳහා කෝටි හයාමාරකට අධික මුදලක් උන්ඩියල් ක්‍රමය යටතේ මෙරටට ගෙන්වාගෙන ඇති බවය.

ඒ අනුව රේගු අවදානම් කළමනාකරණ ඒකකය මෙම නීති විරෝධී ක්‍රමය මගින් මුදල් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බව සහකාර රේගු අධිකාරී කැලුම් තුෂාර මහතා අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.

එම නිසා මෙම කසළ තේ ජාවාරමේ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රේගුව අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම සලකාබැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය නියෝගකර ඇත්තේ සැකකරු අප්‍රේල් මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

මෙම සැකකරු විසින් ඉරාකයට “පියෝ සිලෝන් බ්ලැක් ටී” නමින් කසළ තේ බහලුම් 27ක් අපනයනයකර ඇති අතර ඉන් හතරක් පසුගියදා ඩුබාහි හි සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබීය.

අදාළ බහලුම් මේ වනවිටත් කොළඹ වරාය වෙත රැගෙන ඒමට කටයුතුකර ඇති අතර එම බහලුම් කඩිනමින් පරීක්ෂා  කිරීමට පියවර ගන්නා බව රේගු අවදානම් කළමනාකරණ ඒකකය අධිකරණයට දැනුම් දී ඇත.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...

ශ්‍රී ලාංකේය විදුලි මෝටර් රථය නිපදවීමේ පුරෝගාමි සිල්වා මහාචාර්යවරයා මහා ප්‍රාඥයෙක්- එජාප සභාපති වජිර

අභාවප්‍රාප්ත මහාචාර්ය පී. ඒ. ද සිල්වා මහතාගේ අවමංගල්‍ය උත්සවය අමතා එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (15) කළ ප්‍රකාශය මහාචාර්ය පී....

ජර්මනියේ වෙබර් ශ්‍රී ලංකාවේ රොමේෂ්ට අභියෝග කිරීමට සැරසෙයි

2026, යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට ජර්මනියේ ජුලියන් වෙබර් සමත්විය. එහිදී ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 90.40කි. යුරෝපීය...

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img