Sunday, October 25, 2026
HomeNEWSකහවත්ත උණුසුම් වෙයි.. පොලිසියෙන් කඳුළු ගෑස්.

කහවත්ත උණුසුම් වෙයි.. පොලිසියෙන් කඳුළු ගෑස්.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදීම හේතුවෙන් ඝාතනය වූ බව කියන කහවත්ත ප්‍රදේශයේ තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) පස්වරුවේ පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණි.එලෙස ඝාතනයට ලක්වුණේ 22 හැවිරිදි ඉමන්ත සුරංජන් නැමැත්තෙකි.එම තරුණයාගේ අවසන් කටයුතුවලින් පසු පොලීසිය සහ ගම්වාසීන් අතර අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.ඒ, පොලිස් නිලධාරීන් 150ක පමණ පිරිසක් ගමේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ පසුබිමකය.එහිදී ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාතීන් සහ ගම්වාසීන් පොලීසියට දෝෂාරෝපණය කරමින් ගල් මුල් ප්‍රහාරයක් එල්ලකර තිබේ.එම ප්‍රහාර හමුවේ පොලීසිය ප්‍රදේශයෙන් ඉවත්වී ඇති අතර පසුව අනු ඛණ්ඩ යොදවා ගම්වාසීන් පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත.අප වාර්තාකරු සඳහන් කළේ කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ ගම්වාසීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවය.මේ අතර අදාළ තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පුද්ගලයාගේ නිවසේ තිබූ ත්‍රීරෝද රථයකට කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇති බවද වාර්තා වෙයි. ඉකුත් 30 වනදා රාත්‍රීයේ කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නිවසක සහෝදරයන් දෙදෙනෙකු තවත් තරුණයෙක් කතාබහ කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී තිබුණි.එහිදී පොලීසිය ලෙස පෙනී සිටි කණ්ඩායමක් විසින් තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් තරුණයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණි.පැහැර ගැනුණු අනෙක් තරුණයා වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිතව රොහල්ගත කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img