Wednesday, June 3, 2026
HomeNEWSකහවත්ත උණුසුම් වෙයි.. පොලිසියෙන් කඳුළු ගෑස්.

කහවත්ත උණුසුම් වෙයි.. පොලිසියෙන් කඳුළු ගෑස්.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදීම හේතුවෙන් ඝාතනය වූ බව කියන කහවත්ත ප්‍රදේශයේ තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) පස්වරුවේ පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණි.එලෙස ඝාතනයට ලක්වුණේ 22 හැවිරිදි ඉමන්ත සුරංජන් නැමැත්තෙකි.එම තරුණයාගේ අවසන් කටයුතුවලින් පසු පොලීසිය සහ ගම්වාසීන් අතර අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.ඒ, පොලිස් නිලධාරීන් 150ක පමණ පිරිසක් ගමේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ පසුබිමකය.එහිදී ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාතීන් සහ ගම්වාසීන් පොලීසියට දෝෂාරෝපණය කරමින් ගල් මුල් ප්‍රහාරයක් එල්ලකර තිබේ.එම ප්‍රහාර හමුවේ පොලීසිය ප්‍රදේශයෙන් ඉවත්වී ඇති අතර පසුව අනු ඛණ්ඩ යොදවා ගම්වාසීන් පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත.අප වාර්තාකරු සඳහන් කළේ කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ ගම්වාසීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවය.මේ අතර අදාළ තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පුද්ගලයාගේ නිවසේ තිබූ ත්‍රීරෝද රථයකට කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇති බවද වාර්තා වෙයි. ඉකුත් 30 වනදා රාත්‍රීයේ කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නිවසක සහෝදරයන් දෙදෙනෙකු තවත් තරුණයෙක් කතාබහ කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී තිබුණි.එහිදී පොලීසිය ලෙස පෙනී සිටි කණ්ඩායමක් විසින් තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් තරුණයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණි.පැහැර ගැනුණු අනෙක් තරුණයා වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිතව රොහල්ගත කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img