Wednesday, November 11, 2026
HomeNEWSකළුතර ගමක 85කට කොවිඩ් හැදුන හැටි

කළුතර ගමක 85කට කොවිඩ් හැදුන හැටි

පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ, මල්වර උත්සවයක් සඳහා සහභාගී වු පුද්ගලයින්ට හා එහි ආශ්‍රිතයින් 85දෙනෙක් ට කොවිඩ් ආසාදනය වී තිබේ.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිවසක පැවැත්වීමට සුදානම් කර තිබු මල්වර උත්සවයක් පසුගිය 24 වන දා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මැදිහත්ව නවතා දමා ඇත.

මල්වර උත්සවය පැවැත්වීමට සුදානම් කර තිබුණ දින එයට උදව්වීම සඳහා පුද්ගලයින් 35දෙනෙක් පමණ එම නිවසට පැමිණ තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අදාළ උත්සවය නවතා දැමීම හේතුවෙන් පිසින ලද ආහාර සියල්ල නිවැසියා විසින් උත්සවයට ආරාධනා කරන ලද නිවෙස්වලට පාර්සල් කර ගෙන ගොස් දී ඇත.

ජූලි 26 වන දා එම නිවසේ ආහාර සැකසීමට පැමිණි පුද්ගලයෙකුට ඇති වු රෝගී තත්ත්වයක් මත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකිරීමේ දී ඔහු ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

පසුව ඉදිරි දින කිහිපය තුළ තවත් පුද්ගලයින් 23දෙනෙකුට ම කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

ඉන්පසුව ආශ්‍රිතයින් 212දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ගොරකදෙණිය ලංකාරාම විහාරස්ථානයේ දී ඊයේ (31) සිදුකර තිබේ.

එයින් පුද්ගලයින් 62ක් ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති අතර ආසාදිතයින් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතය.

ප්‍රදේශයේ පවුල් 40කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට නිරෝධායනට ලක්කර තිබේ.

කෙසේ වෙතත් ආහාර පිසීම සඳහා ගොස් ඇති පුද්ගලයා කොවිඩ් ආසාදිතව සිටිය දී එම කටයුත්ත සිදුකිරීම පිළිබඳව කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු මහතා අදාළ පුද්ගලයාට දැඩි ලෙස අවවාද කළේය.

“ඔයාට ලෙඩේ හැදිලා තියෙද්දි තමයි ඔයා ඒ මංගල උත්සවයට උයන්න යන්නේ. ගෙදර එක්කෙනාගෙන් ඇහුවහම එයා කියනවා අපි ගෙදර කට්ටියලු ගෙදර ඉව්වේ කියලා. ගෙදර ඔයා ඉව්වා දැන් ගමම ඉවරයි. කෑම මඟුල් ගෙදර තහනම් කරා ට අපි කෑම ටික ඔක්කෝම ගමේ බෙදුවනේ. මිනිස්සු කෑවනේ ඒ කෑම. ඔයා උයපු. ගමම ඉවරයි. අද 64ක්. ඊට කලින් 23ක්. බලන්න කරපු අපරාදේ. අපි කියලා තියෙනවා නේ කොටහලු උත්සව කරන්න එපා කියලා. ඒක පිළිපැද්දේ නැති නිසා ගමට කරපු විපත. ඔයා පිළිගන්නවා ද? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img