කළුතර ප්රදේශයේ හෝටලයක උඩු මහලින් වැටී මියගිය 16 හැවිරිදි පාසල් දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු පසුගිය අරගල සමයේ පෙරමුණේ කටයුතු කල අයෙක් යයි කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
ගාළු මුවදොර අරගලයටද සම්බන්ධ යයි කියන ඔහු කලුතර සිදුවූ ප්රචන්ඩ ක්රියා රැසකට සම්බන්ධ බවත් අරගල කාලයේ කළුතර දිස්ත්රික්කයේ පැවති ප්රචණ්ඩකාරී කටයුතුවල ප්රධානියා බව ද ඔහු බවත් මන්ත්රීවරයා කියා සිටියි.






















