Thursday, October 29, 2026
HomeNEWSකළුතර දිස්ත්‍රික්කයේ තවත් නිවාස 23කට මුල්ගල් තැබේ.

කළුතර දිස්ත්‍රික්කයේ තවත් නිවාස 23කට මුල්ගල් තැබේ.

කළුතර දිස්ත්‍රික්කයේ තවත් නිවාස 23කට මුල්ගල් තැබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන
“තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්”
නිවාස ආධාර වැඩසටහනට සමගාමීව කළුතර දිස්ත්‍රික්කයේ ඉදි කරන තවත් නිවාස 23කට මුල්ගල් තැබීම ඊයේ (12)
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙලෙස මුල්ගල් තබනු ලැබුවේ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වලකඩ ගම්මානයේ ඉදිවන නිවාස 23ක් වෙනුවෙන් වන අතර, කළුතර දිස්ත්‍රික්කයේ මෙම වසර තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස ආධාර මත පමණක් නව නිවාස 370කට අධික ප්‍රමාණයක් ඉදි කෙරෙනු ඇත.

මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත්, පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමිය, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත ඇතුළු මහත්ම මහත්මීන් මෙන්ම ගම්වාසින් ද සහභාගි වී සිටියා.

2026.10.12
කළුතර – පාලින්ද නුවර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img