Wednesday, November 11, 2026
HomeNEWSකාබනික පොහොර සම්බන්ධයෙන් ගත් ඉදිරි පියවර වෙනස් නොවිය යුතුයි -පූජ්‍ය ඕමල්පේ සෝභිත...

කාබනික පොහොර සම්බන්ධයෙන් ගත් ඉදිරි පියවර වෙනස් නොවිය යුතුයි -පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

රසායනික පොහොර තහනම් කිරීමට රජය විසින් ගනු ලැබූ තීන්දුව කිසිවිටෙක අත්නොහල යුතු බව ඕමල්පේ සෝභිත හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමට ද රජය කටයුතු කළ යුතු බවය.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඕමල්පේ සෝභිත හිමි මේ බව කියාසිටියේය.

“කාබනික පොහොර සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය අතිශය දූරදර්ශීයි.  අතිශයින්ම ප්‍රයෝජනවත් සංවර්ධනාත්මක කටයුත්තක් කියන දේට කිසිදු සැකයක් නෑ. ඒ සම්බන්ධයෙන් විවිධ විවේචන තියෙන බව ඇත්ත. නමුත් ලැබුණ ප්‍රථම අවස්ථාවේ දීම රටේ අනාගතය ගැන සිතන අය හැටියට මේ යෝජනාවට අනුබල දිය යුතුයි. මේ යෝජනාව සක්‍රීය කරගත යුතුයි. එකම ප්‍රශ්නයක් තියෙනවා. පොහොර හිඟයක්. පොහොර හිඟය සම්බන්ධයෙනුත් රජය දන්වා සිටින පරිදි ප්‍රමාණවත් පොහොර රටේ තියෙනවා. හැබැයි ඒ ඒ පුද්ගලයෝ ඒක හංගා ගෙන විවිධ ව්‍යාපාර සඳහා කූඨ උපාය මාර්ග යොදමින් පොහොර හංගාගෙන ඉන්න වැඩසටහනක් ගැන කියවෙනවා. එහෙම නම් රජය කළ යුත්තේ වහාම අත්‍යාවශ්‍ය නම් ආරක්ෂක හමුදා බලය යොදා ගෙන පොහොර සඟවා තිබෙන තැන් වහාම වැටලීම් කරලා ඒ පොහොර එළියට අරන් ගොවි ජනතාව අතර සාධාරණ ලෙස බෙදා දීමයි. කාබනික පොහොර සම්බන්ධයෙන් මේ ගත්ත ඉදිරි පියවර වෙනස් නොවිය යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img