T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන සුපර් 8 වටයේ තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන්ම පන්දුව රැකීමට තීරණය කර තිබේ .මෙම තරඟය ශ්‍රී ලංකාවට මෙන්ම නවසීලන්තයටද ඉතා වැදගත් වන අතර මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.






















