Saturday, October 24, 2026
HomeNEWSLatest Newsකොටුව පොලීසියේ 48ක් නිරෝධායනයට - පොලීසිය තාවකාලිකව වැසෙයි

කොටුව පොලීසියේ 48ක් නිරෝධායනයට – පොලීසිය තාවකාලිකව වැසෙයි

කොටුව පොලීසියේ 48ක් නිරෝධායනයට – පොලීසිය තාවකාලිකව වැසෙයි

බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොටුව පොලීසියේ රාජකාරී කටයුතු තාවකාලිකව නතර කර තිබේ.

කොටුව පොලීසියේ සියලු පොලිස් නිලධාරීන් මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

අද (21) උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ පැවසීය.

“මේ කොටුව පොලිස් ස්ථානය තියෙන ගොඩනැගිලි පරිශ්‍රයේ එක කාමරයක තමයි තියෙන්නේ, බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය. ඒක බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ, පොලිස් නිලධාරීන් විසින් කරන යම් යම් අතපසුවීම් හා වැරදි පිළිබඳ විභාග කරන්න තියෙන විශේෂ ඒකකය. මේකට අනියුක්ත නිලධාරීන් 12ක් පමණ ඉන්නවා. මේ ඉන්න අයගෙන් එක් අයෙක්ට තමයි කෝවිඩ් පොසිටිව් බවට වාර්තා වුණේ. ඒ නිසා ඒ හිටපු සියලූම දෙනා සම්පූර්ණ නිරෝධායනයට යොමු කරලා තියෙනවා. ඒ වෙලාවේ කොටුවේ පොලීසියේ සිටිය අනිත් අය 48 විතර දැනට පොලීසියේ රඳවලා තියෙනවා. ඊට අමතරව පොලීසියට අනියුක්තව පෙර දිනවල රාජකාරිය කළ අනිත් හැමදෙනෙක්ම ඒ බැරැක්කවල ඉන්න ස්ථානවල ස්වයං නිරෝධායනයට යොමු කරලා තියෙනවා. දැනට පොලීසියේ එදිනෙදා රාජකාරී වෙන්නේ නෑ. මේ අවස්ථාවේ දී තවත් පැය කිහිපයක් යන තුරු. කොටුව පොලීසියෙන් මහජනතාවට යම් කටයුත්තක් කර ගැනීමට අවශ්‍ය නම්, කොම්පඤ්ඤ වීදිය පොලීසියට හෝ නැත්නම් පිටකොටුව පොලීසියට යන්න ඕනේ. අද දිනය තුළ මේ පරිශ්‍රය විෂබීජහරණය කිරීමට බලාපොරොත්තු වෙනවා.මේ නිලධාරීන් ඉවත් කරලා වෙනත් නිලධාරීන් ගෙන්වලා අද දහවල් වෙන විට පොලීසිය විවෘත කළ හැකි වෙයි. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img