Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsකොටුව පොලීසියේ 48ක් නිරෝධායනයට - පොලීසිය තාවකාලිකව වැසෙයි

කොටුව පොලීසියේ 48ක් නිරෝධායනයට – පොලීසිය තාවකාලිකව වැසෙයි

කොටුව පොලීසියේ 48ක් නිරෝධායනයට – පොලීසිය තාවකාලිකව වැසෙයි

බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොටුව පොලීසියේ රාජකාරී කටයුතු තාවකාලිකව නතර කර තිබේ.

කොටුව පොලීසියේ සියලු පොලිස් නිලධාරීන් මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

අද (21) උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ පැවසීය.

“මේ කොටුව පොලිස් ස්ථානය තියෙන ගොඩනැගිලි පරිශ්‍රයේ එක කාමරයක තමයි තියෙන්නේ, බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය. ඒක බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ, පොලිස් නිලධාරීන් විසින් කරන යම් යම් අතපසුවීම් හා වැරදි පිළිබඳ විභාග කරන්න තියෙන විශේෂ ඒකකය. මේකට අනියුක්ත නිලධාරීන් 12ක් පමණ ඉන්නවා. මේ ඉන්න අයගෙන් එක් අයෙක්ට තමයි කෝවිඩ් පොසිටිව් බවට වාර්තා වුණේ. ඒ නිසා ඒ හිටපු සියලූම දෙනා සම්පූර්ණ නිරෝධායනයට යොමු කරලා තියෙනවා. ඒ වෙලාවේ කොටුවේ පොලීසියේ සිටිය අනිත් අය 48 විතර දැනට පොලීසියේ රඳවලා තියෙනවා. ඊට අමතරව පොලීසියට අනියුක්තව පෙර දිනවල රාජකාරිය කළ අනිත් හැමදෙනෙක්ම ඒ බැරැක්කවල ඉන්න ස්ථානවල ස්වයං නිරෝධායනයට යොමු කරලා තියෙනවා. දැනට පොලීසියේ එදිනෙදා රාජකාරී වෙන්නේ නෑ. මේ අවස්ථාවේ දී තවත් පැය කිහිපයක් යන තුරු. කොටුව පොලීසියෙන් මහජනතාවට යම් කටයුත්තක් කර ගැනීමට අවශ්‍ය නම්, කොම්පඤ්ඤ වීදිය පොලීසියට හෝ නැත්නම් පිටකොටුව පොලීසියට යන්න ඕනේ. අද දිනය තුළ මේ පරිශ්‍රය විෂබීජහරණය කිරීමට බලාපොරොත්තු වෙනවා.මේ නිලධාරීන් ඉවත් කරලා වෙනත් නිලධාරීන් ගෙන්වලා අද දහවල් වෙන විට පොලීසිය විවෘත කළ හැකි වෙයි. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img