Monday, September 21, 2026
HomeNEWSකොවිඩ් උපදෙස් නොතකා පවත්වාගෙන ගිය උපකාරක පන්ති දෙකක් ගැන සෞඛ්‍ය අංශ ගත්...

කොවිඩ් උපදෙස් නොතකා පවත්වාගෙන ගිය උපකාරක පන්ති දෙකක් ගැන සෞඛ්‍ය අංශ ගත් තීරණය

සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව හැටන් කොටගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උපකාරක පන්ති නතර කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය අද (24) කටයුතු කර තිබුණි.

කොවිඩ් – 19 වෛරසය පැතිර යෑමේ දැඩි අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස්වලට පටහැනිව හැටන් කොටගල ප්‍රදේශයේ එම උපකාරක පන්ති දෙකක් පවත්වාගෙන ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත උපදෙස් මාලාවක් මේ වනවිට නිකුත් කර ඇති අතර, එම උපදෙස්වලට අනුව උපකාරක පන්ති පවත්වාගෙන යෑම තහනම් කර ඇති බව කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞන්දර් රාගවන් මහතා කියා සිටියේය.

උපකාරක පන්ති ගුරුවරුන් හමුවේ එම උපදෙස් පත්‍රිකා කියවා තේරුම් කර දීමෙන් අනතුරුව පන්ති සඳහා සහභාගී වී සිටි සිසු සිසුවියන් ආපසු නිවෙස් වෙත පිටත්කර යැවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img