Wednesday, August 19, 2026
HomeNEWSකොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල ගැන PHIලා අනතුරු අඟවයි

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල ගැන PHIලා අනතුරු අඟවයි

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙලට දිගින් දිගටම දේශපාලන බලපෑම් එල්ල කළහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යාමට සිදුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

එවැනි පසුබිමක සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් එන්නත ලබාදීමේ සාමාන්‍ය ක්‍රමවේදයට පිටින් යමින් විවිධ පාර්ශ්ව හරහා එන්නත ලබාගැනීමට උත්සාහ නොකරන ලෙසය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි කොවිඩ් අධිඅවදානමක් සහිත ග්‍රාම නිලධාරී වසම්වල වයස අවුරුදු 30ට වැඩි සියල්ලන්ට කොවිෂීල්ඩ් එන්නත ලබාදීම අදත් සිදුකෙරුණි.

ඊයේ දිනය තුළ 24,374 දෙනෙකුට එන්නත ලබාදී ඇති අතර ඒ අනුව සමස්ත එන්නත්ලාභීන් ගණන 466,350ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර, කොවිඩ් ආසාදිත තවත් මරණ 07ක් දෙමළගම, අනුරාධපුර, කුරුණෑගල, ගම්පහ, රුක්ගහවිල, කොළඹ 05 සහ පන්නිපිටිය යන ප්‍රදේශවලින් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගියේය.

ඉන් මරණ 458 ක්ම සිදුව තිබෙන්නේ කොවිඩ් දෙවන රැල්ල තුළදීය.

ගතවූ පෙබරවාරි මාසයේ දින 28ක කාලය තුළ පමණක් කොවිඩ් ආසාදිත මරණ 155 ක් වාර්තා වී තිබෙන බව දත්ත අනුව පෙනීයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක ඡායාරූප දින සැමරුම අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

​ ​ලෝක ඡායාරූප දිනය සැමරීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් ඡායාරූපශාලා හිමියන්ගේ සංගමය සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය අද (18) දින වැලිසර Wave and Lake උත්සව ශාලා...

22 වන සංශෝධනයට එරෙහිව සර්වජන බලයෙන් පෙත්සමක්

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සර්වජන බලය පක්ෂය...

22 වන සංශෝධනයට එරෙහිව සජබයෙන් පෙත්සමක්

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්...

22 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක් 

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img