එකිනෙකා ඉතා සමීපව කටයුතු කිරීමෙන් කොවිඩ් -19 වෛරසය නොදැනුවත්ව ම ජනතාව අතර පැතිර යා හැකි බව ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි.
“අද දෙරණ“ ට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, සංචරණ සීමාවන් හි වැඩිවීමත් සමඟ රෝගය පැතිර යාමද වැඩි වන බවය.
සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීම අවම වීමත් සමඟ අලුත් අවුරුදු සමයේ දී වෛරසය ශ්‍රී ලංකාව පුරා සීඝ්රයෙන් පැතිර ගිය බව ද පැවසු විශේෂඥ වෛද්‍යවරයා, අද වන විට රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙමින් යම් උච්ච අවස්ථාවකට පත්ව ඇතැයි ද පැවසීය.
“අපිට රෝගයේ කෙලවරක් දකින්න හරි අමාරුයි. රෝගය කාලයක් පුරා සමාජය තුළ පවතිවී. ඒ නිසා සැරින් සැරේ කොවිඩ් රැලි ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් ම ඔබ රෝගියෙක් නොවීම සහ ඔබ රෝගියෙක් වී ඔබගේ නිවස තුළට රැගෙන යෑම ඔබ නොදැනුවත්ව ම සිදුවෙන්න පුළුවන්. අවාසනාවන්ත සිද්ධි අපි ශ්‍රී ලංකාව පුරා අත්දැක්කා. ඒ නිසා මේ අවස්ථාවේ දී අපි ගැන හිතලා, අපේ රට ගැන හිතලා අපේ දරුවන් සහ සමීපතමයින් ගැන හිතලා අනවශ්‍ය ඒකරාශීවීම් නවත්වා ගැනීම ඉතාමත් වැදගත් සහ එවැනි ඒකරාශිවීමක් අත්‍යවශ්‍ය අවස්ථාවලදී සෞඛ්‍ය නිර්දේශ නිවැරදිව අනුගමනය කිරීම ඉතාම වැදගත්.“http://www.youtube.com/embed/c-xhz-GRwpo






















