Wednesday, September 23, 2026
HomeNEWSකොවිඩ් පාලනයට සංචරණ සීමා පැනවීම ගැන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශංසා

කොවිඩ් පාලනයට සංචරණ සීමා පැනවීම ගැන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශංසා

සෞඛ්‍ය වෘත්තියවේදීන් විසින් සිදුකරන ලද ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දිවයින පුරා සංචරණ සීමා පැනවීමට ගත් තීරණ ඉතා අගය කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

පනවා ඇති එම සංචරණ සීමා හේතුවෙන් රටක් වශයෙන් ආර්ථිකයට බලපෑමක් එල්ල වුවද රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට සිදුවන හිතකර බලපෑම අවතක්සේරු කළ නොහැකි බව එම සංගමය සඳහන් කරයි.

බහුතර මහ ජනතාවගේ ජීවිතවල වටිනාකම තාවකාලික ආර්ථික පසුබෑමට වඩා වටිනා බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

සංචරණ සීමා පැනවීමට රජය තීරණය නොකළේ නම් ආසාදිතයින්ගෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරීගොස් සෞඛ්‍ය අංශයේ සිදුවන අඩපණවීම හේතුවෙන් කොරෝනා රෝගින් බොහෝ පිරිසක් මියයා හැකිව තිබූ බව එම සංගමය පෙන්වා දෙයි.

රජය විසින් ගන්නා ලද තීරණය එම රෝගය පාලනය කළ හැකි මට්ටමට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img