Sunday, October 25, 2026
HomeNEWSCOVID-19කොවිඩ් වසංගතයෙන් ජනතාව රැක ගැනීමේ අභියෝගය ජයගන්නා බවට ජනපතිගෙන් සහතිකයක් ....

කොවිඩ් වසංගතයෙන් ජනතාව රැක ගැනීමේ අභියෝගය ජයගන්නා බවට ජනපතිගෙන් සහතිකයක් ….

කොවිඩ් වසංගතයෙන් ජනතාව රැක ගැනීමේ අභියෝගය ජයගන්නා බවට ජනපතිගෙන් සහතිකයක් ….

වත්මන් ව්‍යාප්තිය පාලනයට විධිමත් සැලසුම් …

Ø ආසාදිතයන් සොයන පරීක්ෂණ අඛණ්ඩව …

Ø මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පුළුල් කෙරේ …

Ø පවතින තත්වය පිළිබඳ සියලු තොරතුරු ජනතාවට …

Ø කොවිඩ් මර්දනයට සියලු පාර්ශ්ව දක්වන සහය ජනපති ඇගයුමට …

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග ලොව බොහෝ රටවලට පෙර එය මර්දනයට වගකිවයුතු රජයක් ලෙස ඉතා සාර්ථකව පියවර ගත් බව ජනාධිපතිතුමා සිහිපත් කළේය. “එහිදී විවිධ අභියෝගවලට මුහුණදීමට සිදු විය. මනා සැලැස්මක් ඇතිව ඒවා එකින් එක ජයගනු ලැබීය. නිරෝධායන කඳවුරු ගැන එදා කිසිදු රටකින් අසන්නට නොලැබිණ. එය හඳුන්වා දුන්නේ අපය. අද බොහෝ දෙනෙකුට මේ බව අමතක වී ඇතැයි” ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී එතුමා මේ අදහස් පළ කළේය.

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය, යුද හමුදාව, බුද්ධි අංශ සහ පොලීසිය දායක කර ගනිමින් ජනවාරි 26 දින කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කෙරිණ.

 චීනයේ,  වූහාන්හි අසරණව සිටි සිසුන් මුදා ගැනීමේ සිට සියලු රටවල් අභිබවා රජයක් ලෙස වගකීමෙන් ගත් පියවර ජනාධිපතිතුමා සිහිපත් කළේය.

රජය නායකත්වය දෙමින් තීරණ ගැනීම සහ සෑම අංශයක්ම දායක කරගැනීම යන ලක්ෂණ අභියෝග ජය ගැනීමට පාදක වූ බව ජනාධිපතිතුමා පැවසීය. රටවල් 74ක සිට පුද්ගලයන් 16,279 දෙනෙකු මවුබිමට රැගෙන විත් නිරෝධායනය කර නිවෙස් වෙත පිටත් කර හැරිණ. නිරෝධායන මධ්‍යස්ථාන 70ක් පවත්වාගෙන යමින් කළ මෙහෙය ද ජනාධිපතිතුමා මතකයට නැංවීය.

“නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපනයට සැලසුම් කිරීමේ දී ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා පැමිණියා. ඉතාලිය, දකුණු කොරියාව ඇතුළු රටවලින් පැමිණි පිරිස නිරෝධායනයට යොමු කිරීමේ දී ඔවුන්ගෙන් විරෝධතා ආවා. ඉදිරියටත් කුමන බාධක පැමිණිය ද අභියෝග ජය ගනිමින් ජනතාව රැක ගැනීමේ වගකීම අත්හරින්නේ නෑ”  ජනාධිපතිතුමා අවධාරණය කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන්  හමු වූ කොවිඩ් ආසාදිතයන්ගේ සමිපතමයන් හඳුනාගෙන නිරෝධායනට යොමු කර තිබේ. ඒ ආශ්‍රිත වළලු 04ක් දක්වා පුළුල් පරාසයක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. උද්ගත වූ තත්වය පාලනය කිරීමට සමත් වූ අයුරින් ඉදිරියේ දී මතුවන අභියෝග ජය ගැනීමට රජය සැලසුම් කර ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් සමාජය තුළ වසංගතය පැතිරයාම අවම මට්ටමේ තබා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට දැන්වීය.

ආසාදිතයන් හඳුනාගත් රාජාංගනය අතුළු සෙසු ස්ථානවල PCR පරීක්ෂණ වැඩිකරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා වසංගතය පිළිබඳ අලුත්ම තොරතුරු සහ රජය ගෙන යන ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කරන ලෙස නිලධාරීන්ට දැන්වීය.

කොවිඩ් වසංගත මර්දනයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් පුළුල් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග අද රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවට ලක් විය.

කොවිඩ් මර්දන ව්‍යාපාරය සාර්ථකව රට පුරා ක්‍රියාත්මක කිරීමට දිවා රෑ නොබලා අඛණ්ඩව දායක වන සියලුදෙනා තමා ඉතා ඉහළින් අගයන බව ද ජනාධිපතිතුමා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී . ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්ම මහත්මීහූ සහ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සහ විශේෂඥ වෛද්‍යවරු  සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img