Saturday, August 29, 2026
HomeNEWSකොවිඩ් වැළඳී මියගිය හිත හොඳ දොස්තර - ගයාන් දන්තනාරායන

කොවිඩ් වැළඳී මියගිය හිත හොඳ දොස්තර – ගයාන් දන්තනාරායන

කොවිඩ් වැළඳී මියගිය හිත හොඳ දොස්තර – ගයාන් දන්තනාරායන

ගයාන් දන්තනාරායන නම් 32 හැවිරිදි වෛද්‍යවරයෙකු ද කොවිඩ් -19 වෛරසයට ගොදුරු වී මිය ගොස් තිබේ.

කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු රාගම රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකි. 

කොළඹ, නුගේගොඩ ජාත්‍යන්තර පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ගයාන් අඩු වයසකින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පිවිස තිබුණි.

ගයාන් දන්තනාරායන චීනයේ, ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයේදී වසර 5ක ඉගෙනුම් කටයුතු නිම කරමින් 2010 වසරේ වෛද්‍ය උපාධිය හිමිකරගෙන තිබුණි.

සංගීතයට ද කැමැත්තක් දැක් වූ ගයාන් ගිටාර් වාදනයට වැඩි වශයෙන් ප්‍රිය කළේය. 

උපාධිය ලබාගෙන ලංකාවට පැමිණි ගයාන් වෛද්‍යවරයෙකු ලෙස මෙරට සේවය කිරීමට අවශ්‍ය විභාගයට මුහුණ දී ඉන් සමත්ව හලාවත, අම්පාර වැනි දුෂ්කර රෝහල්වල කාලයක් සේවය කර තිබුණි. 
 
විශේෂයෙන් ළමා වාට්ටුවේ සේවාව කළ වෛද්‍ය ගයාන් දන්තනාරායන වෙහෙස මහන්සිය නොබලා දරුවන්ගේ ජීවිත බේරාගැනීමට මහඟු සේවයක් කළ අයකු හැටියට ප්‍රසිද්ධ ය.

වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ පියාත් දක්ෂ වෛද්‍යවරයෙකි. 

මේ වනවිට ඔහුගේ මව හා බිරිඳ පවා සිටින්නේ කොරෝනා ආසාදිතවය.
 
වෛද්‍ය ගයාන්ගේ පවුලේ ඔහුට බාල සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිති. 

වැඩිමහල් සහෝදරයා හදිසි දුම්රිය අනතුරකින් මියගොස් තිබුණි. 

පාසල ඇරී නිවෙසට එනවිට සිදුවූ අනතුරකින් ඔහුට තම සහෝදරයා අහිමි වී තිබුණි.

කොවිඩ් වෛරසයට ගොදුරුවීමෙන් පසු ගයාන්, ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර තිබුණි.

පසුව ඔහු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.
 
එහිදී ඔහුව ‘එක්මෝ’ (ECMO) යන්ත්‍රයට සම්බන්ධ කෙරුණි. ඒ ඔහුට කෘත්‍රිමව ඔක්සිජන් ලබාදිය යුතුව තිබූ බැවිනි.

ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිතර වෙමින් සිටි වෛද්‍ය ගයාන් අවසානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස අවසන් ගමන් ගියේය.

මෙරටදී කොවිඩ් රෝගය වැළඳී මියගිය පළමු වෛද්‍යවරයා වන්නේ ද ඔහු ය.

(ඡායාරූප උපුටා ගැනීම – ඔහුගේ ෆේස්බුක් පිටුවෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තරුණියක් පැහැරගෙන අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

තරුණියක් පැහැරගෙන යන බවට වාර්තා වූ මෝටර් රථයක් නාවල පාර මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ නිසා පොලිසියෙන් වෙඩි. තරුණිය සහ මෝටර් රථය අතහැර...

සෙවනගල සීනි කම්හල තාවකාලිකව වසා දැමේ

සේවක පිරිසක් රාජකාරියෙන් බැහැරව නිෂ්පාදන ආරම්භ නොකිරීම හේතුවෙන්, සෙවනගල සීනි කම්හල අද (29) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට කළමනාකාරීත්වය තීරණය කරයි: ලංකා...

22ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වැරදි විදියට- දයාසිරි ජයසේකර

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ වැරදි විදියට බවත් එහි දීර්ඝ නාමය ගැන සහ එය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන්...

වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට ඇමෙරිකාව ගිවිසුම් අත්සන් කරයි

නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ඉන්ධන මිල අඩු කිරීම සඳහා වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට සඳහ වන ගිවිසුමක් අත්සන් කල බව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img