Thursday, September 3, 2026
HomeNEWSLatest Newsකොවිඩ් හෙළ ඔසුව සාර්ථක වුවහොත් සියලුදෙනාට නොමිලේ දීමට සැලසුමක්

කොවිඩ් හෙළ ඔසුව සාර්ථක වුවහොත් සියලුදෙනාට නොමිලේ දීමට සැලසුමක්

කොවිඩ් හෙළ ඔසුව සාර්ථක වුවහොත් සියලුදෙනාට නොමිලේ දීමට සැලසුමක්

කොවිඩ් -19 වෛරසයට එරෙහිව කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙකු නිෂ්පාදනය කළ හෙළ ඔසුව පිළිබඳ අවසන් සායනික පරීක්ෂණවල නිගමනය ඉදිරි මාසය ඇතුළත රජයට දැනුම්දෙන බව ආයුර්වේද බලධාරීන් පවසයි.

හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා ඒ බව හෙළිකළේය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ එම ඖෂධය සාර්ථක වුවහොත් මෙරට ජනතාවට එය නොමිලේ ලබාදීම පිළිබඳ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවය.

කොවිඩ් – 19 වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති අතර අද දෙරණ ඉකුත් නොවැම්බර් 29 වැනිදා එය අනාවරණ කිරීමෙන් පසු සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ අවධානය ඊට යොමු විය.

අනතුරුව, එලෙස දේශීයව නිෂ්පාදනය කළ හැකි ඖෂධය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ රාජ්‍ය අනුග්‍රහයෙන් මේ වනවිට සිදු කෙරෙමින් පවතී.

ඒ ඊට පත්කළ විද්වත් කමිටුවක අධීක්ෂණය යටතේ ය.  

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගතරෝග විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසූවේ “එක පැත්තකින් ආයුර්වේද විද්වත් කමිටුවක් හරහා මේ දේශීය ඖෂධයේ තිබෙන ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂණය කිරීමටත් අනෙක් පැත්තෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් හරහා නිසි ක්‍රමවේදයකට පරීක්ෂණයක් පවත්වා තීරණයක් ගැනීමටත් නිර්දේශ වුණා.” යනුවෙනි.

හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පෙන්වා දුන්නේ “මේ ඖෂධයේ විශාල ප්‍රතිඵලයක් තියෙනවා කියලා සහතිකය දීලා තියෙන්නේ බටහිර වෛද්‍ය කණ්ඩායමක්. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ බෙහෙත් වට්ටෝරු හැත්තදාහක් විතර තියෙනවා. ඒ බෙහෙත් හදන්නේ වෛද්‍යවරුම නෙමෙයි,” යනුවෙනි.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ මෙම ඖෂධය පිළිබඳව තවත් දින කිහිපයක් සායනික වශයෙන් අධ්‍යනය කරන බවය. 

“මේ ගැන තවදුරටත් අධ්‍යනය කිරීමෙන් පසු රෝගීන් වෙත ලබා දීමට සුදුසුදැයි යන්න පිළිබඳ නිර්දේශය ලැබෙයි,” යනුවෙන් ද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img