Saturday, August 22, 2026
HomeNEWSකොළඹ දිස්ත්‍රික්කය තුළ නව කර්මාන්තපුර ඇරඹීම සඳහා ප්‍රමාණවත් භූමිභාග නොමැතිවීමේ ගැටලුවට කර්මාන්ත...

කොළඹ දිස්ත්‍රික්කය තුළ නව කර්මාන්තපුර ඇරඹීම සඳහා ප්‍රමාණවත් භූමිභාග නොමැතිවීමේ ගැටලුවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගෙන් විසදුමක් !

කොළඹ දිස්ත්‍රික්කය තුළ නව කර්මාන්තපුර ඇරඹීම සඳහා ප්‍රමාණවත් භූමිභාග නොමැතිවීමේ ගැටලුවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගෙන් විසදුමක් !

බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම සඳහා ඉදිරිපත්ව සිටින ආයෝජකයන් 150කට අධික පිරිස අතුරෙන් යම් පිරිසකට කොළඹ දිස්ත්‍රික්කයේ කර්මාන්ත ඇරඹීම සඳහා අවස්ථාව සලසා දීමට බාධාවක්ව පැවති  කර්මාන්තපුර ඇරඹීම සඳහා ප්‍රමාණවත් රජයේ භූමිභාග නොමැති වීම ගැටළුවක් කර නොගෙන අවම අක්කර 5 ක හෝ රජයේ භූමිභාග ලබාදිය හැකිනම් කොළඹ දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහාම එම නව කර්මාන්තකරුවන් ආයෝජනය සඳහා යොමු කළ හැකි බව පැවසූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඒ සඳහා අවධානය යොමු කරන ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය.
පසුගියදා නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුවේ මුලසුන දරමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ මෙම දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුව පිහිටුවා ඇති අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ යන කැබිනට් අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් එය ක්‍රියාත්මක වේ. එම කැබිනට් අමාත්‍යාංශවලට අදාළ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් ද සමන්විත එම කමිටුව දිස්ත්‍රික් මට්ටමින් ඉහළ රාජ්‍ය නිලධාරීන් සමග කැඳවීම සිදු කරන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන් විසිනි.

මෙම කොළඹ දිස්ත්‍රික් රැස්වීමේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ තමා අමාත්‍යාංශය යටතේ පවතින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් කර්මාන්තකරුවන්ට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සියලු තාක්ෂණික උපදේශන සැපයිය හැකි බවත් ක්ෂුද්‍ර, කුඩා මධ්‍ය භා මහා පරිමාණ ව්‍යවසායකයන්ට මඟ පෙන්වන අතර විශේෂයෙන් ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන්ට ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර සැපයීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ට හැකි බවත් ය. එසේම ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ අන්තර්ජාල වෙළඳ ද්වාරයක් සැකසීමේ කටයුතු දැනටමත් අරඹා ඇති බවත් එමගින් මෙරට කුඩා, මධ්‍ය හා මහා පරිමාණ නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදන සඳහා දෙස් විදෙස් වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත් ඒ සඳහා තම දිස්ත්‍රික්කය තුළ සිටින සියලු දේශීය නිෂ්පාදකයන්ගේ තොරතුරු ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හරහා එම අන්තර්ජාල වෙළඳ ද්වාරයට ඇතුළත් කරවන ලෙසත්  ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතින් විමල් වීරවංශ අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරු වන ප්‍රසන්න රණවීර, අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරු, අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු ද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඇතුළු කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරු හා ඉහළ රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img