කොළඹ ප්රදේශ කිහිපයකට අද (21) රාත්රී 10.00 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, අද රාත්රී 10.00 සිට හෙට පෙරවරු 08.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවේය.
කොළඹ 12, 13, 14 සහ 15 යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
එමෙන්ම කොළඹ 01 සහ 11 යන ප්රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.
මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩසටහන යටතේ ජලය බෙදාහැරීම් පද්ධතියේ සිදුකෙරෙන නවීකරණ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.






















