කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ ගුරුවරයෙකුට කොවිඩ්
කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ ගුරුවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
අදාළ ගුරුවරයාගේ ආශ්‍රිතයෙකු මීට පෙර කොවිඩ් ආසාදිතයෙකු ලෙස වාර්තා වීමත් සමග එම ගුරුවරයා ජයවර්ධනපුර රෝහලේ සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයකින් ආසාදිත බව තහවුරු විය.
ගුරුවරයා රැඳී සිටි ස්ථාන විෂබීජහරණය කිරීමට අද (29) පියවරගත් අතර ගුරුවරයාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් ගුරුවරුන් 38 දෙනෙකු සහා සිසුන් 33 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට තීරණය කර තිබේ.
අනෙක් සිසුන්ව යළි රැගෙන යන ලෙසට විදුහල් බලධාරීන් විසින් මව්පියන්ට දැනුම් දී තිබූ බව වාර්තා වේ.
මේ අතර හම්බන්තොට වලස්මුල්ල උතුරු කණුමුල්දෙණිය මහ විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ සිසුවෙකුගේ ඥාතියෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවීමත් සමග එම සිසුවා අද පාසලට පැමිණ සිටීම හේතුවෙන් සෙසු දරුවන්ව රැගෙනයාමට මව්පියන් කටයුතු කර තිබුණි.
පස්සර ජාතික පාසලේ තවත් සිසුන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙන අතර එම පාසල ආශ්‍රිතව හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 18 කි.






















