ගම්පහට රු 5000 බෙදීම අඟහරුවාදා සිට
නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජිවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්රික්කයේ පවුල් සඳහා රුපියල් 5000 දිමනාව ලබාදීමේ දෙවන අදියර ලබන 03 වනදා සිට ලබාදීමට නියමිතව තිබේ.
එම දිමනාව සතියක කාලයක් තුළ ලබාදී අවසන් කරන ලෙස ප්රසන්න රණතුංග අමාත්යවරයා විසින් ප්රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව සංචාරක අමාත්යාංශය නිවේදනය කළේය.
දෙවන අදියර යටතේ ගම්පහ දිස්ත්රික්කයේ පවුල් 464,254 දෙනෙකු රුපියල් 5000 දිමනාව ලබාගැනිමට සුදුසුකම් ලබා තිබේ.
මේ අතර පළමු අදියර යටතේ නිරෝධායන ඇඳිරිනීතිය ක්රියාත්මක වූ ගම්පහ දිස්ත්රික්කයේ පොලිස් බලප්රදේශ 03ක පවුල් 80,000 ක් සඳහා මේ වන විටත් රුපියල් 5000 දිමනාව ලබාදී ඇති බව සංචාරක අමාත්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.






















