වැටුප් විෂමතා ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී ඉදිරිපත් කළ විසඳුම් පිළිබඳ අවසන් තීරණයක් අද (13) ප්‍රකාශයට පත් කරන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පවසයි.
ඒ පිළිබඳ ව අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ, ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා,
“අවසානයේ දී තීරණය කළේ අදියර දෙකකින් ලබාදෙන්න. එකක් තුනෙන් එකක කොටසක්. දෙවැනි අදියරේ දී ඉතිරි කොටස් දෙක. මේ සම්බන්ධයෙන් සියලු ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකතුවෙලා කතා කරලා අවසාන තීන්දුවක් ලබාදෙන්න අපි තීන්දු කරලා තියෙන්නේ. මොකද අපි දැනට අරගලය නවත්වන් තීරණය කරලා නෑ. අද දවසේ අපේ තීරණය ගැන අවසන් තීරණයක් ගන්නවා.”
අග්‍රාමාත්‍යවරයා සහ ගුරු – විදුහල්පති වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් ඊයේ (12) පැවැත්වුණි.
එම සාකච්ඡාව පැය 3කට අධික කාලයක් පැවති අතර අග්‍රාමාත්‍යවරයා විසින් ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වෘත්තිය සමිති වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණි.
අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුප, පළමු අදියර යටතේ 2022 වර්ෂයේ අය-වැය තුළින් ද ඉතිරි කොටස් දෙක 2023 වර්ෂයේ අය වැය තුළින් ද ලබාදීමට අග්‍රාමාත්‍යවරයා යෝජනා කර තිබේ.
මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිතිද සිය යෝජනා අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වුණි.






















