Sunday, November 8, 2026
HomeNEWSගොවිජන රක්ෂණයෙන් ගොවීන්ට වන්දි

ගොවිජන රක්ෂණයෙන් ගොවීන්ට වන්දි

ස්වභාවික ආපදා හේතුවෙන් පසුගිය වසරේ යල කන්නයේ වී, බඩඉරිඟු, සෝයා, අර්තාපල්, ලොකු ළූණු හා මිරිස් වගාවන්ට සිදුවූ හානි වෙනුවෙන් ගොවීන්ට වන්දි ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා සඳහන් කළේ රක්ෂණ වැඩසටහන යටතේ වාරික මුදල් අයකිරීමකින් තොරව උපරිමය අක්කරයකට රුපියල් 40,000 කට යටත්ව රුපියල් මිලියන 210 ක මුදලක් ගොවීන්ට ලබාදී ඇති බවය.

ඒ අනුව ගොවීන් 8,678 දෙනෙකුට වන්දි ප්‍රදානය කිරිමට පියවර ගෙන තිබේ.

සියලුම ගොවීන්ට හිමි වන්දි මුදල් 2022 අප්‍රේල් 05 දින ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කර ඇති අතර 2022 අප්‍රේල් 06 සිට අදාල බැංකු ශාඛාවෙන් මුදල් ලබා ගත හැකි බව ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කළේය.

එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වන්දි මුදල් ලබා ගැනීමට විධිමත් ලෙස අයැදුම්කර අද දිනය දක්වා වන්දි නොලැබුණු ගොවීන් මේ පිළිබඳව තම ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ යුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img