Thursday, November 12, 2026
HomeNEWSඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට භාරදෙයි...

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට භාරදෙයි…

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට භාරදෙයි…

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටුවාර්තාව අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දෙනුලැබිණ.

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝරටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද විශාල ගැටලුවකි. නිසිලෙස කළමනාකරණය නොකරන ලද ඝණ අපද්‍රව්‍ය නිසාපරිසරය සහ ජලය දූෂණය වීම, විවිධ රසායනික ද්‍රව්‍යපසට එකතුවීම වැනි අහිතකර ප්‍රතිවිපාක රාශියක් ඇතිකරයි.

කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊටවිසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිතුමාගේ උපදෙස්පරිදි සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්පසුගිය ජූලි මස පත් කරනු ලැබීය. ඉංජිනේරු රොහාන්සෙනෙවිරත්න මහතා එහි සභාපතිවරයා විය.

කමිටු නිර්දේශයේ ඇතුළත් වාර්තාව රොහාන්සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිතුමාට භාර දෙනු ලැබීය.

විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනබව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමකනිරතවීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කෙරිණ.

කසල කළමනාකරණයේදී බාහිර පරිසර  සාධකපිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ජනතා විරෝධතාඇතිවූ බව පැවසූ ජනාධිපතිතුමා මැසි මදුරු උවදුරමෙන්ම දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කමඅවධාරණය කළේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ, මහින්දඅමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, රොෂාන්රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරයන මහත්වරු,  රාජ්‍ය නිලධාරීහූ සහ විශේෂඥ කමිටුසාමාජිකයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වසිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img