Saturday, August 22, 2026
HomeNEWSචීනය හා ජපානය ශ්‍රී ලංකාව සමග සිටින්නේ එජාප ආණ්ඩු කළ වැඩ නිසයි-...

චීනය හා ජපානය ශ්‍රී ලංකාව සමග සිටින්නේ එජාප ආණ්ඩු කළ වැඩ නිසයි- හිටපු ජනපති රනිල්

හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රචනා කළ “ශ්‍රී ලංකා චීන රබර් සහල් ගිවිසුමේ විවාදය කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.ශ්‍රී ලංකා චීන රබර් සහල් ගිවිසුම් විවාදය නැවත සිහිපත් කිරීම සඳහා අද අප මෙහි පැමිණ තිබෙනවා.එක්සත් ජාතික පක්ෂයෙන් මෙය අරඹන අවස්ථාවේ මා එහි සිටියේ නැහැ.නමුත් අවසන් කාලයේ කැබිනට් මණ්ඩලයේ මා සිටියා.ඇමෙරිකාව සහ චීනය එකට එකතු වී තිබූ නිසා චීනයට තිබූ බාධක සියල්ල ඉවත් කර තිබුණා.කෙලින්ම වෙළඳාම් කිරීමට හැකි නිසා මේ ගිවිසුම උවමනා වුණේ නැහැ.ඒ නිසා දෙපැත්තේම අපේ පරමාර්ථ ඉටුවී තිබුණා.බන්දුල ගුණවර්ධන මැතිතුමා ලියන්නෙම යූඑන්පී එක ගැන.නමුත් ඒක වැදගත්.මේ අර්බුදය දිහා බලනවානම් ආරම්භය ඔතන.එදා අපේ වෙළඳාමෙන් අපට අතිරික්තයක් ලැබුණු බව ආචාර්ය එන්.එම් පෙරේරා මැතිතුමාගේ කතාවේ සඳහන්ව තිබෙනවා.පනස්තුනේදී හාල් සේරුවට තිබූ සහනාධාර අඩු කළා.ඒ අනුව කැරැල්ලක් ගියා.ඒ අනුව ඩඩ්ලි සේනානායක මැතිතුමාට ඉවත් වෙන්න සිදුවුණා.අපට තිබුණේ විදේශ විනිමය හිඟයක් වෙනුවට අතිරික්තයක්.අපේ අය වැයේත් හිඟයක් තිබුණා.ආදායමට වඩා වියදම් වැඩියි. අපේ පළවෙනි අයවැය ඉදිරිපත් කිරීමේදී වියදමට වඩා ආදායම වැඩියි.එතන ඉඳන් පටන් ගත්ත එක තමයි අප 2022 වසරේදී මෙතනට වැටුනේ.මෙතනින් ගොඩ එන්නේ කොහොමද කියා දැන් අප විමසා බැලිය යුතුයි.ඒ වෙනුවෙන් අප වැඩසටහනක් යොදා තිබෙනවා.එය අනුගමනය කළොත් සාර්ථක වේවි.එවකට විපක්ෂය සහ ආණ්ඩුව අතර ප්‍රශ්නයක් තිබුණේ නැහැ.හැබැයි මේ ගැන එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ප්‍රශ්න තිබුණා.ඇමරිකාවට විරුද්ධව යන්න එපා යැයි ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා කිව්වා.එය සිදුවුණේ කොරියා යුද්ධයෙන් පසුවයි.උතුරු කොරියාව දකුණු කොරියාවට පහර දීමේදී ඇමරිකාව ප්‍රධාන එක්සත් ජාතීන්ගේ හමුදාව පැමිණ උතුරු කොරියා හමුදාව පරාජය කොට චීන මායිම ළඟට ගියා.ඩී. සේනානායක මැතිතුමා චීන ජන රජය පිළිගත්තා. ඒ ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ.තානාපති සම්බන්ධය ඇති කිරීමට ඇමරිකාව විරුද්ධධ උනා.එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සාමාජිකයෙක් වෙන්න අපට ඇමරිකාවේ සහය අවශ්‍ය වුණා.ඒ සාමාජිකත්වය එනතුරු අප චීනය සහ සෝවියට් දේශය පිළිගන්නේ නැති බවට අප තීරණය කළා.නමුත් ඒ මැදදී මේ ගිවිසුමට එළඹුණා.ඇමරිකාව තරහ කරගෙන ඉදිරියට යනවද කියා සර් ජෝන් කොතලාවල මැතිතුමාා කිව්වා.පැත්තෙන් හාල් නැතිනම් රබර් විකුනන්න තිබෙනවා නම් ප්‍රශ්නයක් නැතැයි ආර්.ජී.සේනානායක මැතිතුමා සඳහන් කළා. ඔය කාරණය මැද සිටිමින් ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා දෙපැත්තෙම ප්‍රශ්න ගත්තා. විදේශ විනිමය ප්‍රශ්නය විසඳන්න නම් මේ ගිවිසුම අවශ්‍ය බවත් ඇමරිකාව සමඟ යන්න නම් මේ ගිවිසුම නැතුව යා යුතු බවත් පැවසුවා. අවසානයේ මේ ගිවිසුම අත්සන් කරන්න තීරණය කළා.පළමු වරට චීනය සමග වෙළඳ ගිවිසුමක් ඇති කළ රට ලංකාවයි.සෝවියට් දේශය එනම් කොමියුනිස්ට් රටක් හැර පළමු වරට චීනය සමග ගිවිසුමක් ඇති කළේ අපයි.ලංකාවට එදා ආසියාවට බලපෑම් කළ හැකි තත්ත්වයක් තිබුණා.1948 වසරේ නිදහස ලැබුණු පසු ඉන්දියන් සාගර කලාපයට ආධාර ලබා ගැනීමේ වැඩසටහන පැවැත්වුණේ කොළඹයි.කොළඹ සැලැස්ම ලෙස එය හැඳින්වූවා.එමෙන්ම ජපානය සමඟ සාම ගිවිසුමට එන ලෙස සැන් ප්‍රැන්සිස්කෝ නුවරට ගිහින් කතා කළේ ජේ.ආර් ජයවර්ධන මැතිතුමා.අසියාවේ හැම රටක්ම ඒ ගැන කතා කරන්න බය වුණා.ඩී.එස් සේනානායක මැතිතුමාගේ උපදෙස් අනුව එතුමා ගිහින් කතා කළා. ඊළඟට තමයි චීනය සමඟ අප ගිවිසුමක් දැම්මේ.අද බලවතුන් දෙදෙනෙක් වන ජපානය සහ චීනය ඉන්නේ අප කරපු වැඩ කටයුතු නිසා.සැන් ප්‍රැන්සිස්කෝ නුවරට ගිහින් කතා කළ නිසා ජේ.ආර් ජයවර්ධන මැතිතුමාට ජැංකි ඩිකී යැයි කිව්වා.චීනය සමග ගිවිසුම් අත්සන් කළ නිසා ආර්.ජී සේනානායකට චයිනා ඩිකී යැයි කිව්වා.ඊට පසුව 1954 වසරේ කොළඹ සම්මන්ත්‍රණයේදී ඉන්දියාව, පකිස්ථානය,ඉන්දුනීසියාව,මියන්මාරය එකතු කරගෙන කොළඹ බලවතුන්ගේ සම්මේලනය ඇති කළා.එතනින් තමයි 1955 දී බැන්ඩුන් සම්මේලනය ඇති කළේ.ඒ මූලික කාරණාවලදී ලංකාව ගත් පියවර නිසා අපට ඉදිරියට යාමට පුළුවන් වුණා.මෙය ඉතිහාසයේද කොටසක් වෙනවා.ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේද කොටසක්.එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේද කොටසක්.සාමාජික කණ්ඩායම සහ දක්ෂිණ කණ්ඩායම කියා අන්තිමට ආර්.ජී සේනානායක මැතිතුමා පිටවී ගොස් බණ්ඩාරනායක මැතිතුමා එක්ක එකතු වුණා.මෙතන විශාල කතා ගණනාවක් තිබෙනවා.මේ කරුණු ඉදිරිපත් කරන්නට අවස්ථාව දීම ගැන බන්දුල ගුණවර්ධන මැතිතුමාට ස්තූතිවන්ත විය යුතුයි. හැමදෙනාම මේ විවාදය ගැන දැනුවත් විය යුතුව තිබෙනවා.එයින් ඇතිවූ ප්‍රතිඵලය ලංකා ආර්ථිකයට මෙන්ම විදේශ කටයුතුවලට , ලංකාවේ දේශපාලනයට බලපෑ අවස්ථාවක් බව කිව යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වෘත්තිකයන් රට හැර යාම වේගවත් වෙයි – වෛද්‍යවරුන් සහ සරසවි ඇදුරන් 3,000කට වැඩි පිරිසක් පිටරට.

ආර්ථික සහ වෘත්තීය ගැටලු ඇතුළු විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් 3,000කට වැඩි පිරිසක් රට හැර...

 22 වැනි සංශෝධනයට වඩා ජනතාවගේ ප්‍රශ්න වැදගත් – මහින්ද.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට වඩා ජනතාව මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදිය යුතු බව හිටපු ජනාධිපති සහ ශ්‍රී...

අයි.එම්.එෆ් දේපළ බද්දක් ඉල්ලයි – ආණ්ඩුව පස්ස ගහයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසියක් වන දේපළ බද්ද, ලබන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව...

ඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් අසලට ළඟා වෙමින් තිබියදී මෙම ගුවන් යානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img