Thursday, November 12, 2026
HomeNEWSචීන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනපති අතර හමුවක්

චීන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනපති අතර හමුවක්

මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා (Wei Fenghe) සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ.

එමෙන්ම ඔහු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අද දිනයේ හමුවීමට නියමිත බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීන ආරක්ෂ අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා හෙට (29) පෙරවරුවේ මෙරටින් පිටත්ව යාමට නියමිතය.

චීන ආරක්ෂ අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා ඊයේ (27) රාත්‍රියේ මෙරටට පැමිණියේය.

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ඔහුව පිළිගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img