Thursday, November 12, 2026
HomeNEWSචීන එන්නත දුන් කිසිවෙකුට මෙතෙක් අතුරු ආබාධ වාර්තා වී නෑ -මහාචාර්ය චන්න...

චීන එන්නත දුන් කිසිවෙකුට මෙතෙක් අතුරු ආබාධ වාර්තා වී නෑ -මහාචාර්ය චන්න ජයසුමන

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාදුන් කිසිවෙකුටත් මෙතෙක් කිසිදු අතුරු ආබාධයක් වාර්තා වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 71,203කට සයිනොෆාම් එන්නත ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ (11) දිනයේ පුද්ගලයින් 65,803 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබේ.

සයිනොෆාම් එන්නත පුද්ගලයින් 50,493 දෙනෙකුට, ස්පුට්නික් V එන්නත පුද්ගලයින් 5,460 දෙනෙකුට ඊයේ දිනයේ ලබා ඇති අතර කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රා ද ඊයේ පුද්ගලයින් 9,850 දෙනෙකුට ලබා දුන් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට මෙරට පුද්ගලයින් 1,007,783 දෙනෙකුට කොවිඩ් මර්දනය සඳහා වන පළමු එන්නත් මාත්‍රාව ලබාදී තිබේ.

එමෙන්ම චීන ජාතිකයින් 2,435 දෙනෙකුට සහ මෙරට පුද්ගලයින් 221,368 දෙනෙකුට මේ වන විට කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img