කරච්චි විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ යෙදුණු චීන ජාතික ගුරුවරුන් ගමන්කළ වෑන් රථයක් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර තිබේ.
එරට මාධ්‍ය සඳහන් කළේ එම ප්‍රහාරයෙන් චීන ජාතික ගුරුවරුන් තිදෙනෙක් සහ එම වෑන් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්ව තිබුණි.
තවත් සිව් දෙනෙක් එම ප්‍රහාරයෙන් තුවාල ලබා තිබේ.
වෙනම පාලනයක් ඉල්ලා සටන්වදින බැලොච් ලිබරේෂන් ආමි පැවසුවේ චීන ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාරයේ එල්ලකළේ ඔවුන් බවත් මරාගෙන මැරෙන ප්‍රහාරකයා කාන්තාවක් බවත්ය.
චීනය විසින් පාකිස්තානයේ සිදුකරන ආයෝජන සඳහා එම සටන්කාමීන් විරුද්ධය. ඔවුන් පවසන්නේ එමගින් දේශීය ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් නොමැති බවය.






















