Wednesday, September 9, 2026
HomeNEWSLatest Newsජනතාවට විදුලි බිලේ සහනය ලබා දීමට රජය මේ වන විට කටයුතු...

ජනතාවට විදුලි බිලේ සහනය ලබා දීමට රජය මේ වන විට කටයුතු කර තිබෙනවා….

ජනතාවට විදුලි  බිලේ සහනය ලබා දීමට රජය මේ වන විට කටයුතු කර තිබෙනවා….

ජනතාවට විදුලි  බිලේ සහනය ලබා දීමට රජය මේ වන විට කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් විදුලි වියදමෙන් කොටසක් රජය විසින් දැරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  

අද (2020.07.16) පෙරවරුවේ යටියන්තොට ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කලේය.

ඒ අනුව මාර්තු, අප්‍රේල්, මැයි, මාසවල බිල්පත් වල වටිනාකම පෙබරවාරි මාසයේ බිල්පතේ ගාස්තුවට වඩා වැඩි නම් ඒම පාරිභෝගිකයින් සඳහා පෙබරවාරි මාසයේ බිල්පතේ වටිනාකම අදාල  මාස තුන සදහා ආදේශ කිරීමට කටයුතු කර තිබේ.

මේ වන විට මාර්තු, අප්‍රේල්, මැයි, මාසවල බිල්පත් ගෙවා ඇති   පාරිභෝගිකයින් වැඩිපුර මුදල් ගෙවා ඇත්නම් ඒ මුදල ඉදිරි බිල් පතට හිලව් කිරීමට කටයුතු කරනු ඇත.

නිසි අයවැය ලේඛනයක් නොමැතිව සාමාන්‍ය කැබිනට් මණ්ඩලයක් පවත්වා ගෙන යමින් පසුගිය මාස තුන තුළදී කොරෝනා වෛරසයද මැඩ පවත්වමින් රජය විශාල වැඩ කොටසක් දියත් කළ බවත්, පසුගිය මාස තුනක කාලය තුළ රජය වැඩක් නොකළ බවට ඇතැම් දේශපාලන පක්ෂ සිදු කරන චෝදනාව මැතිවරණයේදී ජනතාව පිළිතුරු දෙනු ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.2005 වසරේ යුද්ධය අවසන් වූ දින සිට ජනතාවට නිදහස ලබා දෙමින් රට සංවර්ධනය කරමින් සාර්ථකව ඉදිරියට ආ ගමන 2015 දී නතර වූ අතර, ආපස්සට ගිය රටේ ඉදිරි ගමන නව රජයක් තුළින් සාර්ථකව ආරම්භ කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය

ඇමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය පර්සියානු බොක්කේ ගමන් කළ ඇමරිකානු නෞකා දෙකකට සහ තෙල් ප්‍රවාහන නෞකා අටකට ද ප්‍රහාර එල්ල කරයි: විදෙස් මාධ්‍ය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img