Friday, November 13, 2026
HomeNEWSජනතාවට සත්‍ය සගවන නිලධාරීන් නීතිය හමුවට ගෙන එනවා -විපක්ෂ නායක සජිත් .

ජනතාවට සත්‍ය සගවන නිලධාරීන් නීතිය හමුවට ගෙන එනවා -විපක්ෂ නායක සජිත් .

ජනතාවට සත්‍ය සගවන නිලධාරීන් නීතිය හමුවට ගෙන එනවා –
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මේ වන විට රජයේ අනුග්‍රහය යටතේ බාල ඖෂධ ලක්ෂ 220ක් වූ ජනතාවට ලබා දෙන බවත් පක්ෂ පාට ආගම් ජාති භේද අමතක කොට මෙය හරිද වැරදිද කියා තීරණය කිරීම සිදු කල යුතු බවත් ගිලන් වී රෝහලට ගිය පසු ජාති ආගම්භේද නොසලකා මේ ඖෂධ මාෆියාවට හසුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට පරීක්ෂණවලින් අසමත් ඖෂධ පවා වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අනාවරණය කරන සත්‍ය හෙළිදරව් කරන නිලධාරීන්⁣ට චක්‍ර ලේඛ නිකුත් කර තහංචි පනවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරට තුළ ඇත්තේ තොරතුරු සැගවීමේ නීතිය නොව තොරතුරු දැන ගැනීමේ නීතිය බවත් මෙසේ තොරතුරු සැගවීම කරන පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සෞභාග්‍යයක් කරා යනවා කියපු අපේ රට අද අභාග්‍යයේ පතුලටම වැටී අවසන් බවත් මෙවන් තත්ත්වයක් තුළ රටේ අනාගත පාලනයක් සිදු විය යුත්තේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට දසරාජ ධර්මය කේන්ද්‍ර කරගෙන බවත් තමා එයා දැඩි ලෙස විශ්වාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද මාදූවේ උපනන්ද ස්වාමීන් වහන්සේට අක්තපත ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ධම්ම පදයෙ සදහන් ආකාරයට සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දැකීමටඅප පුරුදු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

NEWS CLIP ♦️ https://youtu.be/1Dq_vY-RzAc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img